×

නපුරට එරෙහිව ජයග්‍රහණය පතා ඉන්දියාව දුසේරා සමරයි

හින්දු දෙවියා වන රාම් විසින් හිස් 10 කින් යුත් යක්ෂ රජු වන රාවණව පරාජය කිරීම සමරයි. මෙමඟින් නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසර දෙකක නිහැඬියාවකට පසු මෙවර මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් දුසේරා උත්සවය සමරා තිබේ.

මෙය සාමාන්‍යයෙන් හින්දු දෙවියා වන රාම් විසින් හිස් 10 කින් යුත් යක්ෂ රජු වන රාවණව පරාජය කිරීම සමරයි. මෙමඟින් නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි. මෙහිදී රාවණා, ඔහුගේ සහෝදරයා සහ පුතාගේ පිළිම පුළුස්සා දමනු ලැබේ. මෙම සංදර්ශනය නැරඹීමට විශාල ජනකායක් එක්රොක් වන අතර, ගිනිදැල්වලින් පිළිම ගිල ගන්නා විට නරඹන්නන් ප්‍රීති ඝෝෂා පැවැත්වීම සුලබ දසුනකි.

සැමරුම් දින ගණනාවක් පවතින අතර ගීත, නැටුම් සහ විශාල පෙරහැර පවත්වන අතර හිත මිතුරන් හා ඥාතීන් හමුවීම, රසකැවිලි හා තෑගි හුවමාරු කර ගනිමින් සාම්පප්‍රදායික ඇඳුම් ඇඳීම ආදී චාරිත්‍ර ඉන්දියානුවන් අතර දක්නට ලැබේ.


මේ හා සමගාමීව ගුජරාට් වැනි සමහර ස්ථානවල, මෙන්ම උතුරු ඉන්දියාවේ, රාම්ලීලා වැනි ප්‍රදේශ වල රංගන ශිල්පීන් හින්දු මෙම උත්සවය දුර්ගා පූජාවේ අවසානය සනිටුහන් කරන අතර දුර්ගා දේවතාවිය විසින් මහීෂාසුර් නමැති මී හරකාව ඝාතනය කිරීම සිහිපත් කරයි. එමෙන්ම රංගන ශිල්පීන් රාමායනයේ විවිධ චරිත ලෙස සැරසී විශාල ජනකායක් ඉදිරියේ දර්ශන ඉදිරිපත් කරයි.

මෙම දුසේරා උත්සවය දින 20 කට පසුව පවත්වනු ලබන දීපවාලි උත්සවයේ ආරම්භය සනිටුහන් කරනු ලබයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි