×

‘‘නැව් සහ ගුවන් යානා සූදානම් කර ගන්න!‘‘ – ඉරාන ජනරාල් මරා දැමීමෙන් පසු පිලිපීනයේ ඩුටර්ටි රත් වෙයි!

ඉරානයේ ප්‍රබලතම හමුදා නායකයා වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඇමරිකානු අණින් මරා දැමීමෙන් පසු පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි (Rodrigo Duterte) ත්‍රිවිධ හමුදාව අද (6) පටන් සීරුවෙන් තබා ඇත.


ඒ, ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල සිටින දහස් ගණනක් වූ පිලිපීන ගෘහ සේවිකාවන් හා සේවකයන්, ඉදිරියේදී ඇතිවිය හැකි යුධමය වාතාවරණයක් තුළ ගළවා ගැනීම සඳහා ය.

මේ වන විටද ගුවන් මගින් සහ මුහුදෙන්, එම රටවල සිටින පිලිපීන ජාතිකයන් සියරට බලා ගෙන ඒමේ කටයුතු ආරම්භ කර ඇත.

මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (ඉරිදා 5) දිනයේ පිලිපීනයේ සන්නද්ධ හමුදා ප්‍රධානීන් විසින් පැවැත්වූ හදිසි රැස්වීමකදී ය.

Courtesy of the Office of Sen. Bong Go

Courtesy of the Office of Sen. Bong Go

පිලිපීන ආණ්ඩුවේ ප්‍රකාශකයෙකුට අනුව ඉරානය තුළ පිලිපීන කම්කරුවන් 1,600 ක් සිටිති. ඉරාකය තුළ පිලිපීන ජාතිකයෝ 6000 ක් පමණ සේවයේ යෙදී සිටිති.

මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ පිලිපීන ජනපතිවරයා මෙසේ බියෙන් සැකයෙන් පසුවන්නේ හේතු සාධක ඇතිව බවයි. අත්තනෝමතික ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් දස ගුණයක් මර්දනකාරී ලෙස පිලිපීනය පාලනය කරන ඔහු හැඳින්වෙන අන්වර්ථ නාමය වන්නේ ද ‘පිලිපීනයේ ට්‍රම්ප්‘ ය. කෙසේ නමුත් රට තුළ ඔහු විසින්ම ඇති කළ දක්ෂිණාංශික රැල්ල හමුවේ පසුකාලීනව ඩුටර්ටි ට්‍රම්ප් සහ ඇමරිකානු විරෝධී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමට පටන් ගත්තේ සිය ජනප්‍රියතාවය රැක ගැනීම සඳහා ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, සිය ධුර කාලයේ ඉතිරිය ඩුටර්ටි ගත කරනු ඇත්තේ ඇමරිකානු විරෝධී චීනය දෙසට වැඩිපුර නැඹුරු වෙමිනි.

කෙසේ නමුත් සිය අතීත ගජ මිතුරාගේ ක්‍රියාවෙන්ම ඩුටර්ටි දැන් අසීරුතාවයට පත්ව සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි