×

වින් ඩීසල් ටම කරගන්න කියන්න! – Fast & Furious චිත්‍රපට මාලාවෙන් ‘ද රොක්‘ ඉවත් වෙයි

ලෝ ප්‍රකට Fast & Furious චිත්‍රපට මාලාවෙන් එහි පළමු චිත්‍රපටයේ පටන්ම සම දායකත්වයක් ලබාදුන් ‘ද රොක්‘ යන විරුදාවලියෙන් හැඳින්වෙන ඩ්වයින් ජොන්සන් ඉවත් විය.


ඒ, දශකයකටත් වැඩි කාලයක් සහෝදර නළු වින් ඩීසල් සමග පැවති මතභේදයක ප්‍රතිඵලයක් ලෙස ය.

Fast & Furious චිත්‍රපට මාලාව ආරම්භ වන්නේ 2011 වසරේ තිරගත වූ Fast Five චිත්‍රපටයෙනි. එහි රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක සේවාවක වැඩ කරන, කුලී ඝාතකයෙකුගේ උද්වේගකර චරිතය ඩ්වයින් ජොන්සන් විසින් රඟපානු ලබයි.

අනතුරුව තිරගත වූ Fast and Furious 6 චිත්‍රපටයේ සම නළුවෙකු වූ ඔහු, Furious 7 චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ද, The Fate of the Furious චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් දෙදෙනා අතරින් එක් අයෙකුද විය.

මේ අතර වින් ඩීසල් මෙම චිත්‍රපට මාලාවේ නිෂ්පාදකවරයෙකු ද වූ අතර, විටින් විට ඩ්වයින් ජොන්සන් පරදවා ඉස්මතු වීමට උත්සාහ කරන බවට චෝදනාවක් විය.

වින් ඩීසල්

මෙම අලුත්ම විරසකය ඇති වී තිබෙන්නේ වින් ඩීසල් විසින් Fast Five චිත්‍රපටයේ සාර්ථකත්වය තමන් පිට පටවාගැනීමත් සමග ය. එය සාර්ථක වූයේ තමන්ට එය කෙරෙහි තිබූ දැඩි ආදරය (“tough love” ) නිසා බව ඔහු කියා තිබිණි.

මෙයට පිළිතුරු දෙමින් ඩ්වයින් ජොන්සන් මෙසේ කීවේය.

‘‘ඒක අහල මම හොඳටම හිනා වුණා. මම හිතන්නෙ ඕනෙ කෙනෙකුට ඒකට හිනා යනවා. මම කියන්නෙ එච්චරයි. ඒ වගේම, මම නැතිව එයා හදන Fast 9, Fast 10 සහ Fast 11 චිත්‍රපට ඉතාම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.‘‘

මෙමගින් ඩ්වයින් ජොන්සන් තහවුරු කළේ තමන් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාවෙන් සදහටම සමුගන්නා බව ය.

දර්ශන තලයට නිතර පමා වී පැමිණෙන්නෙක් ලෙස ප්‍රකට වින් ඩීසල්, මේ කිසිවකින් පසු බා යන බවක් නොපෙනේ. කෝවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ තිරගත වීම ප්‍රමාද වෙමින් තිබෙන අලුත්ම FAST AND FURIOUS 9 චිත්‍රපටයේ ඩ්වයින් ජොන්සන් වෙනුවට සුප්‍රකට කාය වර්ධන ශූරයෙකු වන ජොන් සිනා දැකගත හැකි වන්නේ ඒ අනුව ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි