×

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්, ජීවිත හානි වාර්තා වී නැහැ!

අද (26) දින ඉන්දුනීසියාවේ මළුකු පළාතේ සෙර්ම් දූපත් හි භූකම්පනයක් ඇති වී තිබේ.


අද (26) දින ඉන්දුනීසියාවේ මළුකු පළාතේ සෙර්ම් දූපත් හි භූකම්පනයක් ඇති වී තිබේ.

ඉන්දුනීසියානු භූභෞතික ඒජන්සිය වාර්තා කර සිටින්නේ ර්ච්ටර් මාපකයේ 6.8 ක පාඨාංකයක් වාර්තා කරමින් ඉන්දනීසියාවේ දූපත් සමූහයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති සේරම් දූපතේ ඇතිවූ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි වාර්තා වී නොමැති බවයි. 

තවද, ඇතිවූ මෙම භූ කම්පනයෙන් දූපත් අසල සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත් ගොඩනැගිලි වලට අලාභ හානි වන්නට ඇති බවත් එම ඒජන්සිය වැඩිදුරටත් දන්වා සිටියි. 

මේ වන විට ප්‍රදේශවාසීන් එම කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි