නැගෙනහිර තුර්කියේ සිදු වූ භූමිකම්පාවකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකු මියගොස් තිබේ.
නිවාස කඩා වැටීමෙන් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය. 5.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව ඉරාන දේශසීමා ගම්මානයක් වන හබාෂ්-ඊ ඔලියා කේන්ද්‍ර කර ගනිමින් ඇතිවී ඇත.
ඉරානයේ බටහිර අසර්බයිජාන් පළාතේ ගම් 43 ක අවම වශයෙන් 75 දෙනෙකු තුවාල ලබා නිවාසවලට ද හානි සිදුවි ඇත.
ඉරිදා ඇති වූ භූමිකම්පාවෙන් ගොඩනැගිලි 1,066 ක් පමණ කඩා වැටී ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු මහතා පැවසීය.
පසුගිය මාසයේ වැන් පළාතේ ඇති වූ හිම කුණාටු දෙකකින් ගලවා ගැනීමේ සේවකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගිය අතර එලසිග් සහ මලතිය පළාත්වල අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය අතර 1,600 කට වැඩි පිරිසක් බලවත් භූමිකම්පාවකින් තුවාල ලැබූහ.