×

සඳ සෙමින් හැකිලෙයි… නාසා නවතම අනාවරණය

පෘථිවියට මෙන් නොව චන්ද්‍රයා මත tectonic plates හෙවත් භූකාරක නැත්නම් භූ චලන තැටි පිහිටා නැත.


සඳ සෙමින් හැකිළෙමින් පවතී. ඒ සඳ මතුපිට පෘෂ්ඨයෙහි පවතින රැළි හේතුවෙනි. මේ බව අනාවරණය කර ගනු ලැබ ඇත්තේ නාසා ආයතනය විසින් NASA’s Lunar Reconnaissance Orbiter මගින් කාලයක් තිස්සේ ලබා ගත් ඡායාරූප අධ්‍යයනය කිරීම මගිනි.

පෘථිවියට මෙන් නොව චන්ද්‍රයා මත tectonic plates හෙවත් භූකාරක නැත්නම් භූ චලන තැටි පිහිටා නැත. ඒ පසුගිය වර්ෂ මිලියන සිය ගණනක් පුරාවට සද අභ්‍යන්තරය අධික ශීත තත්ත්වයක පැවතීමත් සමගිනි. මෙම තත්ත්වය චන්ද්‍ර පෘෂ්ඨිය රැළි වීම සිදුව ඇත. එමගින් චන්ද්‍රයා සෙමින් හැකිළීම සිදු වේ.

සාමාන්‍ය මිදි ගෙඩියක් වියළීමේදී හැකිළී වියළි මිදි බවට පත් වීමේදී එහි මතු පිට සම නම්‍යශීලි ලෙස හැකිලේ. නමුත් චන්ද්‍රයා හැකිළීමේදී සිදු වන්නේ සද මතු පිට ඇති පිට තට්ටුව කුඩා කැබලි වලට කැඩී යාමයි. මෙමගින් පඩ්පෙළක එකිනෙක පඩිමෙන් එකින් එක කැඩී යන පස් තට්ටු එකිනෙක මත වැටේ. එමගින් දැඩි බෑවුම් නිර්මාණය වේ. එලෙස නිර්මාණය වූ බෑවුම් දහස් ගණනක් මේ වන විට සද මත පිහිටා ඇත. ඒවා සාමාන්‍යයෙන් සැතපුම් ගණනාවක් දිග අතර යාර දහයක හෝ ඊට වැඩි උසින් යුතු වේ. නාසා ආයතනය මගින් මෙහි ඡායාරූප 3500ක් පමණ 2009 වසරේ සිට ලබා ගෙන ඇත. 1972 අපලෝ 17 යානයෙන් සදට ගිය වසරේදී ගගනගාමී යූජින් සර්නන් සහ රිසන් ස්මිත් හට මෙවැනි බෑවුමකට නැගීමට සිදු විය.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් අද වන විට චන්ද්‍රයා මීටර් 50කින් කෘෂ වී නැත්නම් හැකිලී ඇත. එමෙන්ම මෙම ක්‍රියාවලිය නිසා සදෙහි චන්ද්‍රකම්පන moonquakes ඇතිවේ. භූ කම්පන පිළිබදව දත්ත පර්යේෂකයන් විසින් නැවත නැවත සිදු කරන විශ්ලේෂණයන් මගින් මෙම චන්ද්‍රයාගේ හිකිලීම පිළිබද තවදුරටක් අනාවරණය වෙමින් පවතී, Apollo 11, 12, 14, 15 සහ 16 විසින් සද මතට යැවූ අවස්ථාවලදී  සදෙහි තැන්පත් කළ භූ කම්පන මානයන් මගින් 1969 සහ 1977 අතර කාලයන් අතර තුර පටිගත කළ දත්ත මේ සදහා බෙහෝ සෙයින් ඉවහල් වී ඇත. මේ අතර කාලය තුළ අඩුම තරමේ චන්ද්‍ර කම්පන 28ක් වත් සිදුව ඇති බව අනාවරණය වේ.

මේ සම්බන්ධ ගවේෂණයන් සදහා උපයෝගී කර ගත් භූ කම්පන පිළිබද ඇපලෝ දත්ත සහ 12000කට අධික චන්ද්‍රයාගේ ඡායාරූප ප්‍රකාශයට පත් කිරීමට Nature Geoscience ජර්නලය මගින් කටයුතු කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි