×

“ඉබෝලා” වසංගතයට උගන්ඩාවේ ප්‍රාන්ත දෙකක් වැසේ!

වසා දැමීමට ලක් වූයේ මුබෙන්ඩේ සහ කසන්ඩා යන දිස්ත්‍රීක්ක දෙකයි.


ඉබෝලා වසංගතය පැතිරී යන අවදානම හේතුවෙන් එරට බලධාරීන් දිස්ත්‍රීක්ක දෙකක් වසා දැමීමට කඩිනම් තීරණයක් ගෙන ඇත.

එලෙස වසා දැමීමට ලක් වූයේ මුබෙන්ඩේ සහ කසන්ඩා යන දිස්ත්‍රීක්ක දෙකයි. දින 21 ක් යනතුරු මෙම තහනම බල පැවැත්වෙන බව උගන්ඩා ජනාධිපති යොවෙරි මුසෙවෙනි අවධාරණය කරයි.

ඔහු තවදුරටත් කියා සිටියේ ඒ අනුව එම දිස්ත්‍රීක්ක සඳහා ඇඳිරිනීතිය පනවා ඇති අතර, පූජනීය ස්ථාන සහ විනෝද උයන් ආදිය වසා දමමින් එම ප්‍රදේශය තුළ සංචාරය කිරීම ද තහනම් කල බවයි.

ඉබෝලා වසංගතය හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් 20 වන දා සිට මේ දක්වා මරණ 19ක් වාර්තා වී ඇති බවත්, 58 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවට ද එරට මාධ්‍ය වාර්තා කරයි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි