×

UPDATE: දුප්පත් රටවල් වලට අඩු මිලට ඉබෝලා එන්නත ලබා දෙනවා, නිශ්පාදිත සමාගම පවසයි!

දුප්පත් හා අඩු ආදායම් ලාභී රටවල් වලට ඉබෝලා එන්නත අඩු මිලට!


මෙතෙක් කාලයක් පර්යේෂණ මට්ටමේ පැවති ඉබෝලා එන්නත පසුගිය දින ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ (Food and Drug Administration: FDA) අනුමැතිය සහිතව ලොවට හඳුන්වා දීම සිදු කෙරිණි.

මෙම ඉබෝලා වෛරස ප්‍රතිරෝධී එන්නත නිශ්පාදනය කළ මර්ක් ඇන්ඩ් කොපොරේටඩ් සමාගම විසින් ඊයේ දින (20) විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ 2020 වර්ෂයේ තෙවන කාර්තුව වන විට බලපත්‍රලාභී මාත්‍රාවක් ලෙස ඉබෝලා එන්නත වෙළඳපොල ට නිකුත් කරන බවත්, දුප්පත් හා මධ්‍යම ආදායම් ලාභී රටවල් වලට අවම මිලකට ලබා දීමට අපේක්ෂා කරන බවත් ය.

මෙම පුවත ලද සැනින් ඉබෝලා වසංගතයෙන් පීඩා විඳින බොහෝ රටවල් සිය ප්‍රසාදය පළ කොට තිබේ.

ඉබෝලා එන්නත 2014 – 2016 අතර කාලවකවානු වලදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක් අතර වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා පරීක්ෂණ එන්නතක් වශයෙන් යොදා ගන්නා ලදී.

මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා යනු ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි. ඉබෝලා වසංගත තත්ත්වය හමුවේ මෙම වසරේ පමණක් කොංගෝ රාජ්‍යයේ මරණයට පත් සංඛ්‍යාව 2100 ඉක්මවා තිබිණි.

පෙර ලිපිය: ඇමරිකානු FDA ආයතනය විසින් අනුමත කළ ඉබෝලා එන්නත ලොවට හඳුන්වා දෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි