×

ඉක්වදෝරය හදිසි නීතිය ක්‍රියාත්මක කරයි!

දශක හතරක් පුරාවට පැවති ඉන්ධන සහනාධාරය කප්පාදු කිරීමට රජය ගත් ක්‍රියා මාර්ගයට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා!


ඉක්වදෝරයේ ජනාධිපති ලෙනින් මොරෙනෝ පසුගිය බ්‍රහස්පතින්දා (03) දින රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කොට තිබේ.

මීට හේතුව වී තිබෙන්නේ, එරට දශක හතරක් පුරාවට පැවති ඉන්ධන සහනාධාරය කප්පාදු කිරීමට රජය ගත් ක්‍රියා මාර්ගයට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා පැනනැගීමත් සමඟ ය.  

මෙමඟින් රටතුළ නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙන අතර, හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් විරෝධතාවයේ නිරත වන පුද්ගලයන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට ඉක්වදෝර රජය කටයුතු යොදා ඇත. 

මාර්ග අවහිර කිරීම, ටයර් සෑයවල් ගිනි තැබීම, සටන් පාඨ කෑ ගසමින් කලහකාරී අන්දමින් හැසිරීම හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ මරියා රෝමෝ ප්‍රකාශ කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි