×

Ed Sheeran ගේ කඳුළු කතාව!

"තම බිරිඳ පොරබඳින සෞඛ්‍ය අරගලය සහ ඔහුගේ මිතුරා වන ජමාල් එඩ්වර්ඩ්ගේ මරණය ඔහුට ඇති කළ කම්පනය "


Ed Sheeran කියන්නේ ලොවක් දන්නා නමක්! ගීතයෙන් සිත් සුවපත් කරලන ඔහු අද වන විට ඔහුගේ හඳ සුවපත් කර ගැනීමට වෙර දරණ බවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් දැකගත හැකි විය.

පිට පිට ප්‍රශ්න වැලක් රැඟෙන Ed Sheeran තම බිරිඳ පොරබඳින සෞඛ්‍ය අරගලය සහ ඔහුගේ මිතුරා වන ජමාල් එඩ්වර්ඩ්ගේ මරණය ඔහුට ඇති කළ කම්පනය පිළිබඳ කතා කරන විට ඔහු කඳුළු සලමින් සිටින්නට විය.

Ed Sheeran ගේ ජීවිතය සහ වෘත්තීය ගැන විවෘතව කතා කරන Disney+ හි The Sum Of It All සමඟ මැයි 3 වන දින ඔබ හමුවට පැමිණීමට නියමිතය. එහි පළමු ප්‍රචාරක පටයේ Ed Sheeran ඔහුගේ ළමා කාලය ගැන කතා කරන අතර පසුගිය වසරේ හදිසියේ මියගිය ජමාල් එඩ්වර්ඩ්ස් සමඟ ඇති මිත්‍රත්වය පිළිබඳව ද ඔහු විස්තර කරයි. ජමාල් 2022 පෙබරවාරි මාසයේදී කොකේන් සහ මධ්‍යසාර නිසා ඇති වූ හෘදයාබාධයකින් ඛේදජනක ලෙස මිය ගිය බවත් එවිට ඔහු 31 වන විය පසු කරමින් සිටි බවත් සඳහන් කරයි.

Ed ගේ බිරිඳ Cherry Seaborn ය. Ed මේ මස මුලදී හෙළි කළේ චෙරී Jupiter ගැබ්ගෙන සිටියදී ගෙඩියක් ඇති බව හඳුනාගෙන ඇති බවත් ඇගේ ගැබ් ගැනීම හේතුවෙන්, ඇය දරුවාට උපත ලබා දෙන තුරු ඇයට අවශ්‍ය ප්‍රතිකාර කළ නොහැකි වූ බවත් ය. මේ හේතුවෙන් Ed වැඩිදුරටත් පවසා සිටියේ මෙම කාල සීමාව තුළ ඔවුන් “බිය, මානසික අවපීඩනය සහ කාංසාවෙන්” පීඩා විඳින බවයි.

මෙලෙස තම බිරිඳගේ සහ යහළුවාගේ පවතින තත්ත්වයන් මත හඬා වැටුණු Ed Sheeran ගේ බිරිඳ පැවසුවේ ඔහු මීට පෙර මෙලෙස ප්‍රසිද්ධියේ හඬා වැටී දැක නැති බවයි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි