×

අඩපණව තිබූ අප්‍රිකාවේ විශාලතම ජලවිදුලි බලාගාරය හෙවත් ඉතියෝපියානු පුනරුද වේල්ල ඉදිකිරීම යළි ඇරඹෙන ලකුණු

වේල්ල ඉදි කිරීමත් සමග නයිල් ගගේ ජලය ප්‍රමාණවත් පරිදි සියළු රාජ්‍යයන්ට බෙදී යන්නේදැයි යන ගැටළුව මුල් කරගනිම්නි ඊජිප්තුව මෙම ඉදිකිරීම් සදහා එකගත්වයකට පැමිණීම කල් දමා තිබිණි.


නයිල් නිම්නය ආශ්‍රිතව අප්‍රිකාවේ විශාලතම ජලවිදුලි බලාගාරය හෙවත් ලොව සත්වන විශාලතම ජලවිදුලි බලාගාරය ඉදි කිරීමේ උත්සහය 2011 වසරේදී ආරම්භ වුවත් 2017 වසරේදී එහි කටයුුතු අතර මග අඩාල විය. ඊජිප්තුව, ඉතියෝපියාව, සුඩානය යන රටවල් හී දේශ සීමා ආශ්‍රිතව ඉදිකෙරෙන මෙම වේල්ල ආශ්‍රිත ඉදිකිරීම් යළිත් ආරම්භ කිරෟම සදහා ඉතියෝපියාව සහ සුඩානය යළිත් එකගත්වයකට පැමිණ සිටී. ..


පසුගියදා සෝචි හි පැවති රුසියාව-අප්‍රිකානු සමුළුවකට සමගාමීව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටාහ් එල්-සිසි සහ ඉතියෝපියාවේ අගමැති අබී අහමඩ් අතර පැවති සාකච්ඡාවකින් පසුව මේ පිළිබද එකගත්වයකට පැමිණ බව ඊජිප්තු ජනපතිවරයා විසින් ප්‍රකාශ කෙරිණ.

ඉතියෝපියානු පුනරුද වේල්ල Grand Ethiopian Renaissance Dam ලෙස මෙය හදුන්වනු ලැබේ.

සුඩානයේ දේශ සීමාවෙන් කිලෝමීටර 15 ක් (සැතපුම් 9 ක්) නැගෙනහිරින් පිහිටි ඉතියෝපියාවේ බෙනිෂාන්ගුල්-ගුමුස් කලාපයේ ඉදිකෙරෙන මෙම වේල්ල ගිගාවොට් 6.45 ක වේල්ල වේල්ල නිම වූ විට අප්‍රිකාවේ විශාලතම ජල විදුලි බලාගාරය මෙන්ම ලොව 7 වන විශාලතම බලාගාරය වනු ඇත

වේල්ල ඉදි කිරීමත් සමග නයිල් ගගේ ජලය ප්‍රමාණවත් පරිදි සියළු රාජ්‍යයන්ට බෙදී යන්නේදැයි යන ගැටළුව මුල් කරගනිම්නි ඊජිප්තුව මෙම ඉදිකිරීම් සදහා එකගත්වයකට පැමිණීම කල් දමා තිබිණි.

ඉතියෝපියාව, ඊජිප්තුව සහ සුඩානය යන රටවල නිලධාරීන් අතර වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධව පැවති රැස්වීම් පැවතියද ඒවා අසාර්ථ වූයේ මීට අදාල තාක්ෂණික කමිටුවේ කටයුතු සම්බන්ධය ගිවිසුමක් ඇති කර ගැනීමට අසමත් වීඹ හේතුවෙනි

එමෙන්ම මේ මස මුලදී ඊජිප්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අප්‍රිකාවේ විශාලතම වේල්ල ක්‍රියාත්මක කිරීම සහ එහි පිටුපස ඇති ජලාශය පිරවීම සඳහා වන කොන්දේසි පිළිබඳ ගිවිසුමකට එළඹීමට තමන් දැරූ උත්සාහය අසාර්ථ වූ බවයි.

ඉතියෝපියාව සහ සුඩානය අතර දේශ සීමාවට ආසන්නව පිහිටා ඇති මෙම වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් සියයට 70 ක් පමණ මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, දැනටමත් නයිල් ගඟෙන් ලැබෙන ජල සීමා කරනු ඇතැයි ඊජිප්තුවේ අවධානය යොමු වී තිබිණ.

වාර්ෂිකව වේල්ලෙන් අවම වශයෙන් කියුබික් මීටර් බිලියන 40 ක් ජලය මුදා හැරීමට ඉතියෝපියාව එකඟ විය යුතු බව ඊජිප්තුව ප්‍රකාශ කරන ලදී. නියඟ කාලවලදී ජල සැපයුම ප්‍රමාණවත් ලෙස පවතින බව සහතික කිරීම සඳහා ඉතියෝපියාව අවධානය යෝමු කළ යුතු බවද ඊජිප්තුව අවධාරණය කරනු ලැබීය.

නයිල් ගග මගින් ඊජිප්තුවේ වාරිමාර්ග හා පානීය ජල අවශ්‍යතාවයන්ගෙන් 90% ක් පමණ සපුරාලන අතර 1929 සහ 1959 සිට ගිවිසුම් මගින් ඒ පිළීබද තමන්ට ඇති ඓතිහාසික අයිතිවාසිකම්” තහවුරු කරන බව ඊජිප්තුව කියා සිටී.

ඊජිප්තුව එසේ පවසන විට මෙම වේල්ල සිය රටේ ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් බවත්, එහි උපරිමයේ දී මෙගාවොට් 6,000 කට වඩා විදුලිය ජනනය කරන බවත් ඉතියෝපියාව පවසයි.

කෙසේ වුවත් ඊජිප්තුව මේ සම්බන්ධ සාකච්ඡා ක්‍රියාවලිය හැකි තාක් අඩපණ කරමින් සිටින බවට ඉතියෝපියාව විසින් මීට පෙර චෝදනා කර තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි