×

ඊජිප්තු පොලිස් නිලධාරීන් මරමුවට පත්කළ අයිඑස් ප්‍රහාරය

ඊජිප්තුවේ උතුරු සිනායි හි මුරපලක හටගත් අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයකින් එරට පොලිස් නිලධාරීන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.


ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ උතුරු සිනායි පෙනින්සුලා හි මුරපොලකදී ඊජිප්තු පොලිස් නිලධාරීන් අට දෙනෙකු මරමුවට පත් වූ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මෙහිදී ආරක්ෂක අංශ හා ත්‍රස්ත කණ්ඩායම අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් ත්‍රස්ත සාමාජිකයන් පස්දෙනෙකු ද මරමුවට පත් වී ඇති අතර ඉතිරිය පලා ගිය බවට වාර්තා වේ.

ඊජිප්තුවේ සිනායි ප්‍රාන්තයේ පිහිටි එල්-අරිශ් නම් නගරයේ බටහිරට වන්නට වූ පෙනින්සුලා හි මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදුවන විට එම නගරයේ වැසියන් එළඹුන රාමසාන් උත්සවය සමරමින් ඇත.

ඊජිප්තුවේ සිනායි ප්‍රාන්තයේ උතුරු කලාපයේ එල්-අරිශ් නගරය පිහිටා ඇත.

ජිහාඩ්වාදී අයිඑස් ත්‍රස්තවාදීන් පසුව ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවට සඳහන් වෙයි. එමෙන්ම, එල්-අරිශ් මුරපොල අසල සිදුවූ මෙම ත්‍රස්ත ක්‍රියාවේ එකවර ප්‍රහාර දෙකකදී පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිත්ක්ෂයට පත් කළ බව අයිඑස් හිතවාදී අමාඛ් ප්‍රවෘත්ති සේවය නිවේදනය කළේය.

තවද, ඊජිප්තු රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රහාරය එල්ල කළ ඇතැම් ත්‍රස්තවාදී පිරිස්ගේ මළසිරුරු වල ඡායාරූප ද ප්‍රදර්ශණය කරන ලදී.

2013 වර්ශයේදී හමුදා අංශ විසින් ඉස්ලාම් භක්තික ජනාධිපති මොහමඩ් මෝර්සි බලයෙන් පහකරන ලද නිසා, එතැන් පටන් සිනායි ප්‍රාන්තයේ බොහෝ අයිඑස් ත්‍රස්ත ක්‍රියා හටගත් අතර, සිය ගණනක් මනුශ්‍යයන් ඝාතනයට ලක්විය.    

2018 වර්ෂයේ පෙබරවාරි මාසයේදී, හමුදා අංශ විසින් ඊජිප්තුවේ ත්‍රස්ත ක්‍රියා තුරන් කිරීම සඳහා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, මේ වන විට සිනායි හි මුස්ලිම් පල්ලියේ සිදුවූ මානව සංහාරයට තෙමසක් පිරී තිබිණ.

2017 වර්ෂයේ අගභාගයේදී ඊජිප්තුවේ සිනායි ප්‍රාන්තයේ දී තුන්සියයක් මිනිස් ජීවිත අහිමි කරමින් මුස්ලිම් පල්ලියකට වෙඩිප්‍රහාරයක් එල්ල විය.

දැනට වාර්තා වන නිල නොලත් තොරතුරු වලට අනුව, එතැන් පටන් ත්‍රස්තවාදීන් 650ක් හා සොල්දාදුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ කටයුතු වලදී ජිවිතක්ෂයට පත් වී ඇත.  

“හිමුන් රයිට්ස් වොච්” නම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් පසුගිය සතියේදී ඊජිප්තු හමුදා අංශ දියත් කළ මෙම ව්‍යාපාරය හරහා උතුරු සිනායි හි අහිංසක ජනතාවගේ ජීවිත විනාශයට ලක් බවට චෝදනා කරන ලදී. ඔවුන් පෙන්වා දෙන අන්දමට මෙම ව්‍යාපාරය තුළ සිදුවූ ඇතැම් ක්‍රියා යුධ අපරාධ ගණයට වැටේ.

මෙම ව්‍යාපාරය තුළ ගුවන් හා පොළෝ මට්ටමින් සාමාන්‍ය ජනතාව හට ප්‍රහාර දියත් වන බවත්, අත්තනෝමතික වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් බහුල වශයෙන් සිදුවන බවත්, ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් මිනිසුන් වධහිංසනයට ලක්කරන බවත්, අධිකරණයට පිටුපා මනුශ්‍ය ඝාතන සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය තවදුරටත් පෙන්වා දෙන්නේ, උතුරු සිනායි හි පෙනින්සුලා මුරපළ අසල සිදූවූ මෙම සිදුවීමට වගකිව යුතු අයිඑස් ත්‍රස්තවාදීන් ද සාමාන්‍ය ජනතාව පැහැරගැනීම්, වධහිංසනයට ලක්කිරීම් හා ඇතැම් විට ආරක්ෂක අංශ නිලධාරීන් ඝාතනයට ලක්කිරීම් වැනි විවිධ අපරාධ වලට වරදකරුවන්වූ පුද්ගලයන් බවයි.

අඟහරුවාදා දින නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඊජිප්තු රජය ප්‍රකාශ කර සිටියේ සිනායි හි සිදුවීම පිළිබඳ නැඟෙන චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.  

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව, හමුදා අංශ පෙනින්සුලා හි ස්වාධීන මාධ්‍ය වාර්තාකරණය මුලුමනින්ම තහනම් කොට ඇති අතර, එම ප්‍රදේශයේ තොරතුරු එක්රැස් කළ මාධ්‍යවේදීන් පවා අත්අඩංගුවට ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි