×

දශක තුනක් ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබාරක් ජීවිතයෙන් සමුගනී

1928 වසරේ මැයි මස උපත ලද මුබාරක් ගේ පාලනය මුල් කාලීන්ව ජනතාවාදී එකක් වුවද පසු කාලීනව දූෂණය , පොලීසියේ කෘරත්වය, දේශපාලන මර්දනය, මෙන්ම උග්‍ර ආර්ථික ගැටළු වලින් පිරුණූ එකක් විය.


වසර 30ක් තිස්සේ ඊජීප්තුව පාලනය කළ හොස්නි මුබාරක්  ජීවිතක්ෂයට පත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. ඒ ඔහුට වයස අවුරුදු 91 දීය. 1981 වර්ෂයේදී ඊජිප්තුවේ ජනාධිපති ධූරය භාරගත් හොස්නි එරට 4 වන ජනපතිවරයා වෙයි.

2011 වසරේදී ඊජිප්තුවේ ජනතා විප්ලවයක් මගින් ඔහුව ඉවත් කෙරුණ අතර 2017 වසර තෙක් වසර 6ක කාලයක් දක්වා ඔහුව සිර ගත කෙරුනේ එතෙක් ජනතාව වෙත පැතිරවූ ඒකාධිපති අණසක හේතුවෙනි. ඔහුට විරුද්ධව 2017 වසරේදී ඔහුව නිදහස් කලද ඔහුගේ නිදහසට විරුද්ධව දහස් ගණන් ඊිජිප්තු වැසියන් කයිරෝ නුවරට එක් වූයේ අධිකරණ තීරණය හෙළාදකිමිනි.

1928 වසරේ මැයි මස උපත ලද මුබාරක් ගේ පාලනය මුල් කාලීනව ජනතාවාදී එකක් වුවද පසු කාලීනව දූෂණය , පොලීසියේ කෘරත්වය, දේශපාලන මර්දනය, මෙන්ම උග්‍ර ආර්ථික ගැටළු වලින් පිරුණූ එකක් විය.

1949 වසරේදී ගුවන් හමුදා නිළධාරියෙකු ලෙස සේවයට එක්වූ හොස්නි මුබාරක් එහිදී ගුවන් සේවා නියමුවෙක් ලෙස උපාධියක් ලබා ගත්තේය. 1972 වසරේදී ඊජිප්තු ගුවන් හමුදාවේ අණදෙන නිළධාරියා බවට පත් විය.පසුව ඔහු ඊජිප්තුවේ උප ජනපතිවරයා ලෙස පත් වුවද 1981 වසරේ ඔක්තොම්බර් 14 වන දින එවකට ජනපති අන්වර් සදාත් ඝාතනයට ලක්වීමෙන් පසු හොස්නි ඊජිප්තුවේ ජනපතිවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

අත්තනෝමතික මෙන්ම ධනවාදයට නැඹුරු පාලනයක් ගෙන ගිය හොස්නි මුබාරක්ගේ පාලන සමය කලාපයේ එක්සත් ජනපතයට වඩාත් හිතවාදී මිතුරා ලෙස කටයුතු කෙරිණ. දින 18ක් පුරා ඔහුට විරුද්ධව පැවති ජනතා කැරැල්ලක් අතරතුර පෙළපාලි කරුවන් 300කට ආසන්න පිරිසක් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කිරීමේ වරදට 2012 වසරේදී ඔහුට එරෙහිව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.

මේ සම්බන්ධව ඔහු විසින් අභියාචානා ඉදිරිපත් කිරීමෙන් අනතරුව ඔහුට එරෙහි චෝදනාව ඉවත් වී 2017 වසරේදී ඔහුව නිදහස් කරන ලදී. නමුත් නැවතත් 2015 වසරේදී ඔහු සිය පුතුන් දෙදෙනා සමග අත් අඩංගුවට පත් වන්නේ මහජන මුදල් වංචා කිරීම සහ දේපල රැස්කිරීම සම්බන්ධ චෝදනා යටතේය. එතෙක් පටන් වසර 3ක කාලයක් සදහා ඔහුට සිර දඩුවම් නියම විය.

හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීම ඊජිප්තුවේ සාධාරණ හා නිදහස් මැතිවරණයකට මග පෑදූ අතර ජනපති මොහොමඩ් මෝර්සි පත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. 2013 වසරේ මැතිවරණයෙන් පසු මෝර්සි ජනපතිවරයා ලෙස බලය හෙබවූයේ වසරක කාලයක් පමණිත එවකට එරෙට ආරක්ෂක ප්‍රධානී වරයාව සිටි ඊජිප්තුවේ වත්මන් පාලක අබ්දේල් ෆට්ටා එල් සිසි විසින් ඔහුව බලයෙන් පහ කර ජනපතිධූරයට පත් විය.
කෙසේ වුවත් හොස්නිගේ පාලන සමය ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑ එපාකම් අනුව සකස් වූ එකක් ලෙස චෝදනා එල්ල වේ.

මුබාරක් කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර මීට දින කිහිපයකට පෙර කයිරෝ අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කළේය. ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි