×

දූෂණ චෝදනා එල්ල කරමින් Ekrem Imamoglu බන්ධනාගාරයට!

තුර්කි ජනාධිපති Erdoganගේ ප්‍රධාන ප්‍රතිවාදියා බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වීමත් සමගම විරෝධතා රැල්ලක්ද හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


facebook sharing buttonරෂිකා හෙන්නායක මාර්තු 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තුර්කි ජනාධිපති Erdoganගේ ප්‍රධාන ප්‍රතිවාදියා බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වීමත් සමගම විරෝධතා රැල්ලක්ද හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස, තුර්කි ජනාධිපති Tayyip Erdogan ගේ  ප්‍රධාන ප්‍රතිවාදියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත්තේ දූෂණ චෝදනා එල්ල කරමින් වන අතර, මෙලෙස චෝදනා එල්ල වූයේ ඉස්තාන්බුල් නගරාධිපති Ekrem Imamoglu හටයි.

ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී ඔහුගේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මොහු තේරී පත් වීමට නියමිතව සිටි අතර, කෙසේ වෙතත් එල්ල වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දේශපාලනික වශයෙන් එල්ල කළ චෝදනා බවට සඳහන් කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග විරෝධතා කිහිපයක් ඇතිව තිබෙන අතර, එම විරෝධතා දශකයකට වැඩි කාලයක් තුළ තුර්කියේ ඇති වූ දැවැන්තම  විරෝධතාව බව එරට මාධ්‍ය වාර්තා කරයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි