×

ටෙක්සාස් හී 20ක් වෙඩි තබා ඝාතනය කෙරේ

21 හැවිරිදි සැකකරු අත්අඩංගුවට



ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයෙහි අද සිද වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇත.
ආණ්ඩුකාර ග්‍රෙග් ඇබෝට් පවසන්නේ මෙම සිදුවීම ටෙක්සාස් ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් බවයි.

වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන්නේ 21 හැවිරිදි තරුණයෙකු වන අතර ඇමරිකානු මාධ්‍ය විසින් ඔශුව හදුන්වා ඇත්තේ පැට්‍රික් කෘසියස් නමිනි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රහාරය හදුන්වා ඇත්තේ බියගුල්ලෙකුගේ ප්‍රහාරයක් ලෙසිනි.

මෙම මිය ගිය පිරිස අතර මෙක්සිකානු ජාතිකයන් තිදෙනෙකු සිටින බවද එරට රජය පවසයි.

වසර ගණණාවක් තිස්සේ ගිනි අවි සදහා පෞද්ගලික හිමිකාරීත්වය සදහා අයිතිය නීතිවිරෝධී කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියද එය එසේ නොවීම හේතුවෙන් මෙවැනි ක්‍රියා දුර්ලබ නොවන බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.
මීට පෙරද අවස්ථා රැසකදී පාසැල් හා පොදු ස්ථාන මුල් කරගනිමින් මෙවැනි වෙඩිතැබීම් රැසක් වාර්ථා විය‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි