×

සරණාගත පදනම මත සංක්‍රමණිකයන්ට පැමිණීමට එල් සැල්වදෝරය ඇමරිකාව සමඟ ගිවිසුමකට!

එල් සැල්වදෝරය අසයිලම් පදනම මත සංක්‍රමණිකයන් හට පැමිණීමට ඇමරිකාව සමඟ ගිවිසුමක් අත්සන් කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මධ්‍යම ඇමරිකාවේ කුඩාතම රාජ්‍යය වන එල් සැල්වදෝරය අසයිලම් පදනම, නැතහොත් සරණාගත පදනම මත සංක්‍රමණිකයන් හට ඇමරිකාව වෙත පැමිණීමට ඇමරිකාව සමඟ ගිවිසුමක් අත්සන් කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මධ්‍යම ඇමරිකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය කළ නිවේදනයකට අනුව එල් සැල්වදෝරය ඇමරිකාව සමඟ මෙම ගිවිසුම පසුගිය සිකුරාදා (20) දින අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ලබා දී නොමැති බවද වාර්තා වේ. 

ඒ අනුව එක්සත් ජනපද වැඩබලන ස්වදේශ කටයුතු ලේකම් කෙවින් මැක්ලීනන් විසින් එල් සැල්වදෝරය ඇතුළු “උතුරු ත්‍රිකෝණික කලාපයේ ප්‍රගතිය” පිළිබඳ වාර්තාවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි