×

එලන් ඩීජෙනරෙස් වරදට සමාව ගනිමින් නැවතත් වැඩ අරඹ​යි

"මම කවදා හෝ කෙනෙකුව පහත් කර ඇත්නම්, මම ඔවුන්ගේ හැඟීම් රිදවා ඇත්නම්, ඒ ගැන මට කණගාටුයි." ඇය පවසා සිටියාය.


එලන් ඩීජෙනරෙස් සිය කතා සංදර්ශනයේ නව කතා මාලාව පෙර සිදුවූ දේවලට සමාව අයැදීමෙන් හා හා සිය වරද පිළිගැනීමෙන් පසුව ආරම්භ කර ඇත. ඇය කියා සිටියේ “කිසි විටෙකත් සිදු නොවිය යුතු දේවල් මෙහි සිදුවූ” බවයි.

සඳුදා, එලන් ඩීජෙනෙරස් ප්‍රදර්ශනය එක්සත් ජනපද තිරයට පැමිණියේ එයට එල්ලවූ චෝදනා වලින් පසු පළමු වරටයි. “මම මෙය ඉතා බැරෑරුම් ලෙස සලකමි. එය බලපෑමට ලක්වූ පුද්ගලයින් ගැන මට කණගාටුයි” යැයි එලන් කියා සිටියාය. පරීක්ෂණයක් මගින් “අවශ්‍ය වෙනස්කම්” සිදු කෙරුණු බව ඇය පැවසුවාය.

විෂමාචාර චෝදනා මධ්‍යයේ ඉහළ පෙළේ නිෂ්පාදකයින් තිදෙනෙකු මෑතකදී සේවයෙන් පහ කරන ලදී.

ඩීජෙනරෙස් සිය සාමාන්‍යය විකට ස්වරයෙන් කැමරාවට මෙසේ පැවසීය: “ඔබ මට ආදරය කරන නිසා ඔබ මේ වැඩසටහන දෙස බලා සිටින්නේ නම්, ස්තූතියි. ඔබ මට ආදරය නොකරන නිසා ඔබ බලා සිටින්නේ නම්, සාදරයෙන් පිළිගනිමු.” ඇය තවදුරටත් කියා සිටියේ පසුගිය ගිම්හානය “නියම ගිම්හානයක් වූ” බවයි.

එහෙත් මේ වසර මුලදී මතුවූ විෂමාචාර සහ ලිංගික හිරිහැර චෝදනා පිළිබදවද ඇය කතා කළාය.

“මම දැනගත්තා කවදාවත් සිදු නොවිය යුතු දේවල් සිදුවී ඇති බව,” ඇය පැවසුවාය.

“මම කවදා හෝ කෙනෙකුව පහත් කර ඇත්නම්, මම ඔවුන්ගේ හැඟීම් රිදවා ඇත්නම්, ඒ ගැන මට කණගාටුයි.” ඇය පවසා සිටියාය.

ඩීජෙනෙරස් මේ වන විටත් ජූලි මාසයේදී කාර්ය මණ්ඩලයට ඊමේල් පණිවුඩයක් මගින් සමාව අයැද සිටි අතර, “මෙය නැවත සිදු නොවීමට වගබලා ගැනීමට ඇය කැපවී සිටින” බව පවසමින් අගෝස්තු මාසයේදී සිය කණ්ඩායම සමඟ වීඩියෝ රැස්වීමකදී තවත් සමාව ඉල්ලා සිටියේය.

මෙම ප්‍රදර්ශනය 2003 දී ප්‍රථම වරට විකාශය වූ දා සිට එමී සම්මාන 60 කට වඩා දිනා ඇත.

සබැදි පුව​ත්ත්

එලන් ඩිජෙනරස්ට එරෙහි චෝදනා උත්සන්න වෙයි! කට ගඳ සේවකයින් මැදිරියෙන් එලවලා!!

කරුණාවේ උල්පත එලන් ඩිජෙනරස් කාර්‍යමණ්ඩලයට වෙනස්කම් කරාද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි