×

ලොව ධනවත්ම පුද්ගලයා ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk බව Bloomberg වෙබ් අඩවිය පවසයි.

සටහන – රෂිකා හෙන්නායක Bloomberg වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව, ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk යළිත් වරක් පත් වී තිබෙනවා. ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි Elon Musk අභිබවා යමින් Bernard Arnault පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු ස්ථානයට පත්ව සිටි නමුත් , නවතම ලැයිස්තුවට අනුව […]


සටහන – රෂිකා හෙන්නායක

Bloomberg වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව, ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk යළිත් වරක් පත් වී තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි Elon Musk අභිබවා යමින් Bernard Arnault පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු ස්ථානයට පත්ව සිටි නමුත් , නවතම ලැයිස්තුවට අනුව පළමු ස්ථානයේ රැඳී සිටි ප්‍රකට ව්‍යාපාරික Bernard Arnault දෙවන ස්ථානයට පත් කරමින් Elon Musk පළමු ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

Bloomberg වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ
Elon Musk ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් ලෙසයි .

Bernard Arnault ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 186.6ක් ලෙසයි දැක්වෙන්නේ.

එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට Jeff Bezos පත්ව ඇත .

Bill Gates සිව්වන ස්ථානයට පත්ව සිටිනවා.

Facebook ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව සිටී.

Mukesh Ambani එහි 13 වන ස්ථානයටත් පත්ව ඇති බවයි  Bloomberg වෙබ් අඩවිය මගින් වාර්තා කර සිටින්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි