×

මස්ක් සිය X සමාජ මාධ්‍ය ගිණුම “කෙකියුස් මැක්සිමස්” ලෙස නම් කරයි

මෙම නව ගෙම්බා රෝමානු හමුදා ඇඳුමෙන් සැරසී ගේම් ක්‍රීඩා කරනු දැක්වේ.


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති එලොන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ X හි නම “කෙකියුස් මැක්සිමස්”Kekius Maximus වශයෙන් නම වෙනස් කර තිබේ.

ඇමරිකාවේ X Corp සතුව පැවති සමාජ මාධ්‍ය සන්නමයක් වූ ”Twitter”ලොව විශාලතම සමාජ මාධ්‍ය වේදිකාවක් වන අතර වැඩිපුරම නරඹන වෙබ් අඩවි වලින් එකක් විය. 2023 වසරේදී එලෝන් මස්ක් විසින් බිලියන 44 කට එය මිලදී ගැනීමත් සමඟ 2023 ජූලි සිට X ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබිය.

‘X’ වේදිකාව මේ වන විට Pepe the Frog චරිතය නිරූපණය කර ඇති අතර මෙම යෙදුම හේතුවෙන් ක්‍රිප්ටෝ මිල කෙරෙහි බලපෑම් කර ඇත.

“Kekius” යනු “kek” හි ලතින්කරණයක් වන අතර එහි අරුත “හයියෙන් සිනාසෙන්න” වේ. එමෙන්ම එය ඊජිප්තුවේ අඳුරට අධිපති ගෙම්බෙකුගේ හිසෙන් නිරූපණය කරන දෙවියන්ගේ නාමය වේ.

බොහෝ අය ග්ලැඩියේටර් චිත්‍රපටයේ රසල් ක්‍රෝගේ වීර චරිතය වන මැක්සිමස් ඩෙසිමස් මෙරිඩියස්ගේ නමට සම්බන්ධ කර ඇති අතර මෙම නව ගෙම්බා රෝමානු හමුදා ඇඳුමෙන් සැරසී ගේම් ක්‍රීඩා කරනු දැක්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි