×

ටුවිටර් ප්‍රධානියා ප්‍රංශ සුඛෝපභෝගී සන්නාම අධිපතියා අභිබවා යයි

ප්‍රංශ සුඛෝපභෝගී ව්‍යාපාරිකයාගේ ඩොලර් බිලියන 187 ට සාපේක්ෂව ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධානියාගේ මුළු ධනය දැන් ඩොලර් බිලියන 192 ක් ඉක්මවීය.


එලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුගේ ස්ථානය නැවත ලබාගෙන ඇති බව මෙම සතියේ, Bloomberg ගණනය කිරීම් පෙන්වා දී තිබේ.

LVMH (LVMHF) ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් සමඟ සෙන්ටිබිලියනර්වරුන් දෙදෙනා ප්‍රථම ස්ථානය වෙනුවෙන් මාස ගණනාවක් කරට කර තරඟ කළ අතර LVMH, Louis Vuitton, Dior සහ Celine ඇතුළු සන්නාමවල නිවහන හිමි ආර්නෝල්ට්ගේ LVMH හි කොටස් පසුගිය බදාදා (31) පහත වැටීමෙන් පසු ආර්නෝල්ට්ගේ වත්කම් පහළ වැටිනි.

එනම් ප්‍රංශ සුඛෝපභෝගී ව්‍යාපාරිකයාගේ ඩොලර් බිලියන 187 ට සාපේක්ෂව ටෙස්ලා සහ ස්පේස්එක්ස් ප්‍රධානියාගේ මුළු ධනය දැන් ඩොලර් බිලියන 192 ක් ඉක්මවීය.

මස්ක් පසුගියදා අභ්‍යාවකාශ තරණයට නව රොකට්ටුවක් නිර්මාණය කිරීම, රොබෝවරියන් නිර්මාණය මෙන්ම විදුලි මෝටර් රථ නිෂ්පාදනයත් සමඟ ටෙස්ලා සමාගම විශාල වශයෙන් ලාභ උත්පාදන කළ අතර මේත් සමඟ නැවත තමන්ගේ ස්ථානය රැක ගැනීමට ඔහු සමත් විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි