×

එලෝන් මස්ක් 2027 වන විට ලොව පළමු ට්‍රිලියනපතියා වීමට නියමිතයි

මස්ක් ගේ ධනය මේවන විට 110% ක සාමාන්‍ය වාර්ෂික අනුපාතයකින් වර්ධනය වෙමින් පවතී.


සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එලෝන් මස්ක් 2027 වන විට ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වීමට නියමිත බව Informa Connect Academyහි 2024 ඩොලර් ට්‍රිලියන ක්ලබ් වාර්තාව සඳහන් කර තිබේ.

ලොවපුරා සිටින ධනවත් පුද්ගලයන්ගේ වත්කම් සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන Informa Connect Academyහි වාර්තාවට අනුව, Informa Connect Academy හි ටෙස්ලා විදුලි මෝටර් රථ නිෂ්පාදක , පුද්ගලික රොකට් සමාගමක් වන SpaceX සහ සමාජ මාධ්‍ය වේදිකාව X හි හිමිකරු ආදී වත්කම්වලින් බහුල මස්ක් ගේ ධනය මේවන විට 110% ක සාමාන්‍ය වාර්ෂික අනුපාතයකින් වර්ධනය වෙමින් පවතී.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව මස්ක් ඩොලර් බිලියන 251 ක් සමඟින් ලොව ධනවත්ම පුද්ගලයා වන අතර 2027 වන විට ලොව පළමු ට්‍රිලියනපතියා වනු ඇත.

ඇකඩමියේ විශ්ලේෂණයට අනුව ලොව බලවත්ම දෙවන ට්‍රිලියනපතියා ව්‍යාපාරික සමූහ නිර්මාතෘ ඉන්දියාවේ ගෞතම් අදානි ලෙස හඳුනාගෙන ඇති අතර මේවන විට ඔහුගේ වාර්ෂික වර්ධන වේගය 123% කි. එම වර්ධන වේගය එලෙසම පැවතුනහොත් ඔහු ලොව දෙවන ට්‍රිලියනපතියා වනු ඇත.

තෙවන ට්‍රිලියනපතිය වශයෙන් LVMH Moët Hennessy Louis Vuitton හිමිකරු බර්නාඩ් ආර්නෝල්ට් ශ්‍රේණිගතවනු ඇති බව Informa Connect Academy ගණන්බලා ඇත්තේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි