×

එලොන් මස්ක් ප්‍රකෝටිපතියන්ගේ ලයිස්තුවේ ඉහලටම; ශුද්ධ වත්කම ඩොලර් බිලියන 400 ඉක්මවයි

මස්ක්ගේ සමාගම්වල කොටස් මිල වේගයෙන් ඉහල යාමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලයට පත්වීම විශාල වශයෙන් හේතු වී ඇත.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටෙස්ලා (TSLA.O)ප්‍රධාන විධායක නිලධාරී, X සමාජ මාධ්‍ය වෙබ් අඩවිය , The Boring Company, SpaceX හි ප්‍රධාන කොටස් හිමිකරු වන එලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 432 බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ.

ලොව ප්‍රකෝටිපතියන්ගේ ලස්යිස්තුවේ ඉහලින්ම සිටින මස්ක්ගේ සමාගම්වල කොටස් මිල වේගයෙන් ඉහල යාමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලයට පත්වීම විශාල වශයෙන් හේතු වී ඇත.

ටෙස්ලාට අමතරව SpaceX සහ Neuralink යන දෙකම රජයේ නියාමනය සහ ප්‍රතිපත්ති මත දැඩි ලෙස රඳා පවතින අතර ව්‍යාපාරික හිතකාමී පරිපාලනයකින් ප්‍රයෝජන ගත හැකිය.

ප්‍රකොටිපතියන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයට ඇමේසන් (AMZN.O)නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 243.7 ක් ලෙස සිටින අතර එහි තෙවන ස්ථානය ඔරකල් (ORCL.N) සම-නිර්මාතෘ ලැරී එලිසන් සිටී. ඔහුගේ ශුද්ධ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 223.4 කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි