×

ෆේස්බුක් ඩිලීට් කර දමන්න, ඉන් ඇති වැඩක් නෑ!- එලොන් මස්ක්

ෆේස්බුක් හි අන්තර්ගතය නියාමනය කරන ලෙස ඉල්ලා නළු සාචා බාරොන් කොහෙන් විසින් කරන ලද ට්විටර් සටහනකට ප්‍රතිචාර දක්වමින් ටෙස්ලා නිර්මාතෘ එලෝන් මසක් සති අන්තයේ ට්වීට් කරමින් කියා සිටියේ “#DeleteFacebook It's lame- ෆේස්බුක් ඉවත් කර දමන්න එයින් ඇති වැඩක් නෑ! ” යනුවෙනි.


එලොන් මස්ක් ෆේස්බුක් පිලිබද නැවතත් තීරණාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ෆේස්බුක් හි අන්තර්ගතය නියාමනය කරන ලෙස ඉල්ලා නළු සාචා බාරොන් කොහෙන් විසින් කරන ලද ට්විටර් සටහනකට ප්‍රතිචාර දක්වමින් ටෙස්ලා නිර්මාතෘ එලෝන් මසක් සති අන්තයේ ට්වීට් කරමින් කියා සිටියේ “#DeleteFacebook It’s lame- ෆේස්බුක් ඉවත් කර දමන්න එයින් ඇති වැඩක් නෑ! ” යනුවෙනි.

ජලය හෝ විදුලි සැපයුම් මත බලය යෙදවීමට පවා එක් නියාමකයකුට පමණක් ඉඩ නොදෙන විට. ෆේස්බුක් හි ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්ට “බිලියන 2.5 ක ජනතාවක් දකින තොරතුරු පාලනය කිරීමට” අවසර දුන්නේ මන්දැයි බැරන් කොහෙන් සිය ට්වීටර් පණිවුඩයෙන් විමසීය.

“ෆේස්බුක් පාලනය කළ යුත්තේ රජයන් විසින් මිස අධිරාජ්‍යයෙකු විසින් නොවේ!”ඔහු පැවසීය.

බැරන් කොහෙන් යනු ට්විටර්, ගූගල් වීඩියෝ වේදිකාවක් වන යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය පිළිබදව වාචික විවේචකයෙකි, ඔහු පවසන්නේ ඒවා “ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ප්‍රචාරක යන්ත්‍ර” වන බවයි.
ඔහු තම විවේචනයන්ගෙන් වැඩි කොටසක් ෆේස්බුක් වෙත යොමු කර ඇති අතර, එය දේශපාලන ප්‍රචාරණයන් කිසිදු පරීක්ෂාවකින් තොරව ප්‍රචාරණය කිරීමෙන් ලාභ ලබන බව ඔහු පවසයි.

ෆේස්බුක් දේශපාලන දැන්වීම් පිළිබඳ සිය ප්‍රතිපත්තිය ආරක්ෂා කර ඇති අතර ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම වෛරී හැඟීම් උපදවන කතා කිරීම එහි වේදිකාවෙන් තහනම් බව පවසයි.

බැරන් කොහෙන් සහ මස්ක්ගේ ට්වීට් පිළිබඳව අදහස් දැක්වීමට ෆේස්බුක් හී ට්වීටර් ගිණුම තවමත් ඉදිරිපත් ව නොමැති බව වාර්තා වේ.

ෆේස්බුක් “වැඩකට නැති” යැයි ඔහු සිතන්නේ මන්දැයි මස්ක් විස්තර නොකළද, ඔහු සමාජ මාධ්‍ය වේදිකාව හෙවත් සකර්බර්ග් ප්‍රසිද්ධියේ විවේචනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.

දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා විසින් මිලියන 87 ක් පමණ ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ලබාගෙන ඇති බව අනාවරණය වීමෙන් පසුව ඔහු 2018 දී ඔහුගේ සමාගම් වන ටෙස්ලා (ටීඑස්එල්ඒ) සහ ස්පේස්එක්ස් හි නිල ෆේස්බුක් පිටු මකා දැමීය.

“ෆේස්බුක් යනු කුමක්ද?” මස්ක් ඒ අවස්ථාවේ ට්වීට් කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි