×

අතුරුදන්ව සිටි පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සාලා ගේ මළ සිරුර හමුවේ.

මිය යන විට ඔහු වේල්සයේ කාර්ඩිෆ් සිටි කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කරමින් සිටියේය.


පසුගිය ජනවාරි 21 වන දින සිට අතුරු දහන් ව සිටි 28 හැවිරිදි ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සාලා ගේ මළ සිරුර ඉංග්‍රිසි ඕඩයේ මුහුදු පතුල තුල තිබියදී සොයි ගන්නා ලදී, ඒ ඔහුගේ ගුවන් නියමුවාගේ මළ සිරුරද සමගිනි.

ආර්ජන්ටිනා ජාතිකයෙක් වූ  සාලා සිය ගුවන් නියමු 59 හැවිරිදි ඉබෝට්සන් සමග පාපන්දු තරගයක් සදහා උතුරු ප්‍රංශයේ සිට ක්‍රීඩා තරගයක් සදහා සහභාගී වීමට යමින් සිටියදී ඔහු ගමන් කළ ගුවන් යානය මෙසේ අනතුරට පත් වී ඇත.
ඔහුගේ සමුගැනීමත් සමග ලොව පුරා පාපන්දු ලෝලීන් රැසක් සිය සාතිශය සංවේගය පළ කරමින් සිටී.

පාපන්දු ලෝකය ඔහුගේ ඉදිරි අනාගතය පිළිබද බලාපොරොත්තු රැසක් තබා සිටි අතර මිය යන විට ඔහු වේල්සයේ කාර්ඩිෆ් සිටි කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කරමින් සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි