×

ලෝකයේ ලොකුම මාළු වෙළඳපොළේදී ලංසු තැබුණු – වඳ වී යන ටූනා

ජපානයේ සුෂී කර්මාන්තයේ මුල් තැන හොබවන්නන් හැඳින්වෙන කෙටි නාමය ‘සුෂී බොස්‘ (sushi boss) ය.


ලෝකයේ ලොකුම මාළු වෙළඳපොළේ හිමිකරු ද වන සුෂී බොස් කියොෂි කිමුරා (Kiyoshi Kimura) නව අවුරුද්දේ වැඩ පටන් ගත්තේ තෝකියෝවේ ඉදි කළ තමන්ගේ නව මාළු වෙළඳසලේ අති දැවැන්ත ටූනා වෙන්දේසියක් දමමිනි.

නිල් වරල් සහිත,  මේ ටූනා දැවැන්තයා අවසානයේ ඩොලර් මිලියන 3.1 ක් (පවුම් මිලියන 2.5)කට වෙන්දේසි විය.

වැදගත්ම කාරණය, කිලෝ 278 ක් බරැති මේ bluefin tuna ලෝක වනජීවී අරමුදල (World Wildlife Fund) විසින් වඳ වී යන සත්ව විශේෂයක් ලෙස නම් කර තිබීමයි.

ටූනා මසුන් බල මාළු වර්ගයට අයත් වන නමුත්, උන් වෙනම විශේෂයක් ලෙස සත්ව විද්‍යාවේදී සැලකේ.

සුෂී බොස් කිමුරා මහා වෙන්දේසිය මැද ජයග්‍රාහී විලාසයෙන් | EPA

නමුත් සුෂී බොස් කිමුරාට එහි වගක් නැත.

සුෂී සාදන්නේ අමු මාළුවලින් නිසා අනෙකුත් සුෂී සාදන්නන් මෙන්ම ඔහුද ටූනා මසුන්ට ඉතා ප්‍රිය ය.

ඔහුගේ ධන සම්භාරය ටූනා මසුන්ට ණයගැති ය. ටූනා මත්ස්‍යෙයකු හට වෙන්දේසියකදී ගෙවන වැඩිම මුදල සඳහා ලෝක වාර්තාව උසුළන්නේ ඔහු ය. 2013 වසරේදී ඩොලර් මිලියන 1.4 ක් ගෙවමින් තැබූ වාර්තාව ඒ අනුව ඊයේ දිනයේ ඔහු විසින්ම නැවත අලුත් කරන්නේ, එමෙන් දෙගුණයක මුදලක් ගෙවමිනි.

සුෂී, ජපන් සංස්කෘතියේ කොටසක් බවට පත් ව තිබීම ඔවුන්ගේ වාසනාවකි.

ජපානයේ සුෂී සඳහා මසුන් අලෙවි කරන වෙළඳපොළක් | AFP

ජපානය සුෂීවලට පමණක් නොව තල්මස් මාළුවලට ද ඉතා ප්‍රිය ය.

මුළු ලෝකයම එපා කිව්වත්, ජපානය මේ ජනවාරියේ සිට වාණිජ තල්මස් දඩයම ද ආරම්භ කිරීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි