×

ඇමරිකානු සමානාත්මතා පනතට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය!

එක්සත් ජනපදය තුළ පනතක් නීතියක් බවට තහවුරු වීමට නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය, සෙනට් සභාවේ අනුමැතිය සහ ජනාධිපති ගේ අත්සන හිමිවිය යුතුය. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා දැනටමත් සමානාත්මතා පනතට අත්සන් යොදා ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ.


මීට දින දෙකකට ඉහතදී එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සමානාත්මතා පනත සම්මත කරනු ලැබීය.

මෙම සමානාත්මතා පනත විසින් පුද්ගලයකු ගේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යාතව යන කරුණු මත වෙනස්කොට සැලකීම් සිදුකිරීම සපුරා තහනම් කරනු ලබයි.

මෙම සමානාත්මතා පනත ඇමරිකාවේ 1964 සිවිල් අයිතීන් පනතට සංශෝධන එක්කරනු ලබයි. එකී සිවිල් අයිතීන් පනත තුළ ජනවාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී-පුරුෂභාවය සහ ජාතිකත්වය මත පුද්ගලයින් හට වෙනස්කොට සැලකීම් තහනම් කරනු ලබයි.

ඒ අනුව, මෙම සමානාත්මතා පනත මඟින් සිවිල් අයිතීන් පනතට ස්ත්‍රී-පුරුෂ සාමාජභාවී අනන්‍යතාව සහ ලිංගික දිශානතිය යන කරුණු ඇතුලත් කරයි.

එමඟින් ඇමරිකානු පුරවැසියන් අතර ජීවත් වන එල්ජීබීටී අනන්‍යතාවන් දරන පුද්ගලයින් හට වෙනස්කොට සැලකීම් සිදුකිරීම තහනම් කරනු ලබන අතරම ෆෙඩරල් ආරක්ෂාව තහවුරු කරනු ලබයි.

සමානාත්මතා පනත 216/224 ක වැඩි ඡන්දයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වී තිබේ. මෙම පනත ට රිපබ්ලිකන් පාර්ශවයෙන් නියෝජිත මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත්, සමානාත්මතා පනත සෙනට් සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉතිරිව ඇත. සෙනට් සභාව තුළ ඩිමොක්‍රටික සහ රිපබ්ලිකන් නියෝජනය එක හා සමානවම මෙන් පවතින බැවින් මේ පිළිබඳ පුරෝකථනයක් දැනට සිදුකළ නොහැකි ය.

මන්ද මෙම පනත සෙනට් සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා සමස්ත ඩිමොක්‍රටික් නියෝජනයට අමතරව ඡන්ද 60 ක් ලබා ගත යුතු ව ඇත.

මෙම ඡන්ද ලබා ගත යුතු වන්නේ රිපබ්ලිකන් පාර්ශවයෙනි.

මෙම සමානාත්මතා පනතෙහි විශේෂත්වය වන්නේ එක්සත් ජනපදයේ සෑම අංශයකටම එය බලපෑමයි. ඒ අනුව, ගෘහස්ත, රජයේ හෝ පෞද්ගලික ආයතන, ආගමන විගමන, කලාපීය සම්බන්ධතා, ආදී ක්ෂේත්‍ර රැසක් තුළ එල්ජීබීටී පුද්ගලයින් හට ආරක්ෂාව ලබා දීම සිදුවේ.

එක්සත් ජනපදය තුළ පනතක් නීතියක් බවට තහවුරු වීමට නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය, සෙනට් සභාවේ අනුමැතිය සහ ජනාධිපති ගේ අත්සන හිමිවිය යුතුය. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා දැනටමත් සමානාත්මතා පනතට අත්සන් යොදා ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ.

ඒ අනුව සමානාත්මතා පනත ට සෙනට් සභාවේ අනුමැතිය ලැබීමට ඉතිරිව තිබේ.

සෑම පුද්ගලයකු හටම ගෞරවයෙන් හා අභිමානය රැකෙන පරිදි සැලකිය යුතු බවත්, ඒ සඳහා සැමට සමානාත්මතාවය හා නිදහස පදනම් වූ සාරධර්ම වලට අනුකූලව ජීවත් විය හැකි වටපිටාවක් ඇමරිකා එක්සත් ජනපදය නිර්මාණය කිරීම සඳහා වූ තීරණාත්මක පියවරක් ලෙස මෙම සමානාත්මතා පනත කටයුතු කරනු ඇති බවටත් ජනපති බයිඩන් මහතා ප්‍රකාශ කර තිබේ.

දැනට එක්සත් ජනපදයේ ජනපද 50 අතරින් ජනපද 22 ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය පමණක් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව සහ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් තහනම් කර ඇත.

රිපබ්ලිකන් පාර්ශවයේ සෙනට් සභිකයන් මේ වන විටත් මෙම සමානාත්මතා පනතට විරෝධය ප්‍රකාශ කර තිබේ. රිපබ්ලිකන් සෙනට් සභික මිට් රොම්නි ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සමානාත්මතා පනත මඟින් “ආගමික විමුක්තිය” ආරක්ෂා කිරීමට ශක්තිමත් ප්‍රතිපාදන ඉදිරිපත් නොකරන්නේ නම් තම සහාය මීට හිමි නොවන බවයි.

කෙසේවෙතත්, “ආගමික නිදහස” යන මැයෙන් එල්ජීබීටී පුද්ගලයින් හට වෙනස්කොට සැලකීම් සිදුකිරීම එක්සත් ජනපදයේ අතිශයින් සුලභ සිදුවීමකි.

ආගමික විශ්වාස යන පදනම මත එල්ජීබීටී අනන්‍යතාවන් දරන පුද්ගලයින් හට සේවාවන් සැපයීමෙන් වැළකී සිටීම, ව්‍යාපාර කටයුතු වලදී වෙනස්කම් කිරීම, සේවයෙන් පහකර දැමීම, අවතැන් වූවන් ට සහන සැපයීම ප්‍රතික්ෂේප කිරීම වැනි සිදුවීම් රාශියක් ඇමරිකාවේ විවිධ ප්‍රාන්ත වල දක්නට ලැබෙයි.

මේ සෑම අවස්ථාවකදිම පාහේ රිපබ්ලිකන් නියෝජනය එසේ වෙනස්කොට සැලකීම් සිදුකළ පාර්ශවයන්ගේ “ආගමික නිදහස” වෙනුවෙන් පෙනී සිටි මුත් එමඟින් ආන්තීකරණයට ලක්වූ එල්ජීබීටී පුද්ගලයන් වෙනුවෙන් පෙනී නොසිටීම ද විශේෂත්වයකි.

සමානාත්මතා පනත පළමු වරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වූයේ 2019 වර්ෂයේදී ය. එනම් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් රජය පැවති කාලසීමාවේදී ය. එහෙත් එවකට රිපබ්ලිකන් ප්‍රමුඛ සෙනට් සභාව විසින් එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබිණි.

වත්මන් බයිඩන් පරිපාලනය තුළ නැවත වරක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය සහ ජනපතිවරයා ගේ අනුමැතිය යන දෙකම සමානාත්මතා පනතට ලැබී තිබිය දී සෙනට් සභාවේ අවිනිශ්චිතභාවය උඩුදුවන පැනයක් බවට පත්ව තිබේ.

Bridge to Equality



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි