×

වනචාරී යුගය සිහිගන්වමින් අධිරාජ්‍යවාදී සටන සමරන ඉතියෝපියානුවෝ

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර දැකගත හැකි වූ අපූරු විරෝධතාවයේදී විරෝධතාකරුවන්ගේ ගෙළ පැළඳී තිබුණේ සිංහ හා කොටි හම්වලින් කළ පළදනාවන් ය. එසේත් නැතිනම් සිංහ කේසර ය. එසේත් නැතිනම් හමුදා නිල ඇඳුම් ය.


එය සංවිධානය කර තිබුණේ ඉතියෝපියාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගත් ‘බැට්ල් ඔෆ් අද්වා‘ – battle of Adwa එසේත් නැතිනම් අද්වා හි සටන සැමරීම සඳහා ය.

ඉතියෝපියාව අධිරාජ්‍ය වාදීන්ගෙන් නිදහස ලබාගැනීමේ අගලයේ තීරණාත්මක ම අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

එය සිදුවුණේ මෙයට අවුරුදු 123කට පෙර ය. ඉතියෝපියාවන්ට දියුණු ආයුධ තිබුණේ නැති තරම් ය. නමුත් රෝම අධිරාජ්‍යය පුළුල් කිරීමට මාන බලමින් සිටි, 19 වන සියවෙස් හොඳම යටත්විජිත තාක්ෂණයෙන් ඉතාලි හමුදාව සන්නද්ධ වී සිටියහ.

නමුත් ඒ 1896 වසරේදී ඉතියෝපියාවේ හමුදාව, එසේත් නැතිනම් රෝමන්වරුන් කී පරිදි, ඉතියෝපියාවේ වනචාරී හමුදාව සිය ප්‍රාථමික යුධ අවි යොදාගෙන එම සටන ජයග්‍රහණය කළහ.

එයින් පරම්පරාවක් ගෙවුණු තැන ඉතියෝපියාව යටත් විජිතවාදයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට පන්නරය ලැබූ බව සැලකෙන්නේ මේ අද්වා සටනෙනි.

එය සිහිපත් කරමින් පැවති මේ විරෝධාකල්පී උත්සවයට සහභාගි වීමට දින 2ක් මුළුල්ලේ අසුපිට නැගී පැමිණි තරුණයන් ද අඩිස් අබාබා නුවරදී දැකගන්නට ලැබිණි.

යටත්විජිතවාදීන්ගෙන් නිදහස ලැබුවද ඉතියෝපියාව අදටත් පවතින්නේ අප්‍රිකානු මහද්වීපයේ දුප්පත්ම සහ ගැටුම් බහුලම රටක් වශයෙනි. ගතවු වසර 2 ක කාලය තුළ පමණක් වර්ගවාදී ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවන් ලක්ෂ 20 ක් අභ්‍යන්තර වශයෙන්, එනම් සිය රට තුළම අවතැන් වී සිටිති.

අග්‍රාමාත්‍ය අභී අහ්මද් වැනි අය දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසට අභියාචනා කළත් රටවැසියන් ඒ ඇමතුම්වලට ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නට නැත. ‘‘ඔවුන් දූෂිතයි. ප්‍රචණ්ඩත්වයෙන් තොර පැවැත්මක් අපේ පාලකයන්ට නැහැ..“ යැයි ස්වදේශීය විශ්ලේෂකයෝ පවසති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි