×

රටවල් 33 ක මගීන් සමග ඉතියෝපියානු ගුවන් යානයේ සිටි 157 ම මරුට – තවත් ‘ලයන් එයා‘ අනතුරක්!

ඉතියෝපියානු ගුවන් යානයක් අද සවස අනතුරට පත් වූ අතර එහි ගමන් ගත් 157 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, කිසිවෙකුත් දිවි බේරාගැනීමට සමත් නොවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


බෝයිං 737-800 MAX වර්ගයට අයත් මෙම මගී ජෙට් යානය තුළ ගුවන් මගීන් 149 දෙනෙක් සිටි අතර, කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් ඒ තුළ වූහ.

ගුවන් යානා ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබරයේදී ඉන්දුනීසියාවේදී පුද්ගලයන් 189 දෙනාම ජීවිතක්ෂයට පත්කරමින් කඩා වැටුණේ ද මේ වර්ගයේම යානාවක් බවයි. මෙය ලයන් එයා ගුවන් අනතුර ලෙස හැඳින්වේ.

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර බෝල් ගුවන් තොටුපොළෙන් එරට වේලාවෙන් උදෑසන 8.38 ට මෙම යානය ගමන් ඇරඹූ අතර එයින් විනාඩි 6කට පසු ප්‍රධාන පාලන කුලුන සමග එහි පැවති සියලු සම්බන්ධතා ඇණ හිටියේය.

Photograph: Daniel Irungu/EPA
Photograph: Daniel Irungu/EPA

Flight ET 302 නමැති මෙම යානය පසුව ඉතියෝපියානු අගනුවරට සැතපුම් 39 ක් දුරින් කඩා වැටී ඇති බව හෙළිවිය.

එහි සිටි මගීන් රටවල් 33ක පුරවැසියන් ය.

ඒ අතර කෙන්යානුවන් 32 ක්, කැනේඩියානුවන් 18 ක්, ඉතියෝපියානුවන් 9 ක, ඉතාලි ජාතිකයන් 8 දෙනෙක්, චීන ජාතිකයන් 8 දෙනෙක්, ඇමරිකානු ජාතිකයන් 8 දෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 7 දෙනෙක්, ප්‍රංශ ජාතිකයන් 6 දෙනෙක්, ඊජිප්තු ජාතිකයන් 6 දෙනෙක්, ඕලන්ද ජාතිකයන් 5 දෙනෙක්, ඉන්දියානුවන් සිව් දෙනෙක්, ස්ලෝවැකියානුවන් සිව් දෙනෙක්, ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙක්, ස්වීඩන් ජාතිකයන් තිදෙනෙක්, රුසියානුවන් තිදෙනෙක්, මොරොක්කෝ ජාතිකයන් දෙදෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක්, පෝලන්ත සහ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා බැගින් සිටි බව ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ත්වොල්ඩේ ගේබ්‍රිමේරියම් ප්‍රකාශ කරයි. එයට අමතරව බෙල්ජියම, ඉන්දුනීසියාව, සෝමාලියාව, නෝර්වේ, සර්බියාව, ටෝගෝ, මොසැම්බික්, රුවන්ඩා සුඩාන්, උගන්ඩා සහ යේමන් ජාතිකයන් ද එක් අයෙකු බැගින් අනතුරට පත් ගුවන් යානාවේ ගමන් ගනිමින් සිට ඇත.

මෙම මගීන් අතරින් 4 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන් ගමන් බලපත්‍රධාරීන් බව ද සඳහන් වේ.

Ethiopian Airlines CEO Tewolde Gebremariam holds a press briefing at the headquarters of Ethiopian Airlines in Addis Ababa. Photograph: Mulugeta Ayene/AP
Ethiopian Airlines CEO Tewolde Gebremariam holds a press briefing at the headquarters of Ethiopian Airlines in Addis Ababa. Photograph: Mulugeta Ayene/AP

ගුවන් යානාවල ගමන් පථ නිරීක්ෂණයේ යෙදී සිටින Flightradar24 වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ යානය ගුවන් ගත කරන අවස්ථාවේදී අස්ථාවර සිරස් වේගයක් පෙන්නුම් කළ බවයි.

මෙම ගුවන් යානය අයත් වන්නේ බෝයිං 737 වර්ගයේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ අලෙවියක් සහිත නූතනම මගී ගුවන් යානා වර්ගයට ය. තවද එය ගුවන් මගී කර්මාන්තයේ වඩාත්ම විශ්වාසය තැබිය හැකි ගුවන් යානාව ලෙස ද හැඳින්විණි.

ඉතියෝපියාව අප්‍රිකාවේ විශාලතම මගී ගුවන් යානා හිමි රට වේ. පසුගිය වසරේදී ගුවන් මගීන් මිලියන 10.6 ක් ඉතියෝපියානු ගුවන් යානාවල සංචාරය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි