×

මහ මැතිවරණය කල් දමයි. ලංකාවෙද? නෑ, ඉතියෝපියාවෙ…!

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉතියෝපියාව, අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ව තිබූ මහ මැතිවරණය කල් දැමුවේය.


මේ අතර එරට මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ මහමැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය ද කල් දැමීමට තීරණය කළ බවයි.

මෙම මැතිවරණ දෙකම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබිණි.

ඉතියෝපියානු මැතිවරණ කොමිසම මෙසේ පවසයි. ‘‘කොරෝනා වෛරසය හා සබැඳි තත්වයන් තුළ අප මණ්ඩලය විසින්, මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්විය නොහැකි බව තීරණය කර තිබේ… ඒ අනුව එයට අදාළ සියලු ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත..‘‘ ඔවුන් පවසන්නේ වසංගතය අවසන් වූ පසුව පමණක් මැතිවරණය පවත්වන බවයි.

මෙම මැතිවරණ ඉතියෝපියාව අප්‍රිකාවේ මිණි කැටයක් බවට පත් කිරීමට වෙහෙසෙන ප්‍රතිසංස්කරණවාදී අගමැති අභී අහමද් හට අතිශය තීරණාත්මක එකක් ලෙස සැලකිණි. නමුත් රට තුළ උද්ගතව ඇති වසංගත තත්වය හේතුවෙන් ඔහු ඉතියෝපියානු මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණයට හිස නමා ආචාර කරයි. ඒ මිස, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණය පැවැත්විය යුතුයැයි‘ අගමැතිවරයා වශයෙන් ඔහු සිංහනාද නොකරයි.

අද වන විට ඉතියෝපියාවේ කොවිඩ් රෝගීන් 89 දෙනෙකු සිටින අතර 3 දෙනෙකු මරණයට පත් ව ඇත. ඒ අනුව කොවිඩ් රෝගීන් 271 ක් සමග මරණ 7 ක් වාර්තා වන ශ්‍රී ලංකාවට වඩා ඉතියෝපියාවේ තත්වය යහපත් අතර, ඉතියෝපියාව මෙසේ කල් දැමුවේ අගෝස්තු මාසයට නියමිතව පැවති මහමැතිවරණය සහ ජනාධිපතිවරණයයි.

නමුත් ලංකාවේ දේශපාලන තීරකයන් මරණ 7 ක් සහ රෝගය බෝ කළ හැකි ආසාදිතයන් 271 ක් සමග මේ මොහොතේ ද කල්පනා කරමින් සිටින්නේ හැකි ඉක්මනින්, හැකි නම් ජූනි මාසයේවත් මහමැතිවරණය පැවැත්වීම ගැන ය!

ඉතින් ඉතියෝපියාව සිටින්නේ ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

ඉතියෝපියානු අගමැති අබී අහ්මද්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි