×

ගුවන් ගමන් වලදී 5G mobile data භාවිතාවට EU අනුමැති​ය ලබා ​දේ…

එසේම ලොව පුරා මෙම 5G තාක්ෂණය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලීන් රාශියක් මේ දිනවල කතාබහට ලක්වේ. පසුගිය දිනෙක යුරෝපා සංගමය මගින් සිදුකළ නිවේදනයක සඳහන් වූයේ ඔවුන් විසින් මේ වන විටත් මගීන් සඳහා ලබාදෙන මන්දගාමී Wi-Fi සම්බන්ධතා වලට තිත තබමින් ගුවන්යානා තුළ දී මගීන් සඳහා 5G සබඳතාවයන් භාවිතා කිරීම සඳහා අවසර ලබාදෙන […]


එසේම ලොව පුරා මෙම 5G තාක්ෂණය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවන අතර ඒ හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලීන් රාශියක් මේ දිනවල කතාබහට ලක්වේ.

පසුගිය දිනෙක යුරෝපා සංගමය මගින් සිදුකළ නිවේදනයක සඳහන් වූයේ ඔවුන් විසින් මේ වන විටත් මගීන් සඳහා ලබාදෙන මන්දගාමී Wi-Fi සම්බන්ධතා වලට තිත තබමින් ගුවන්යානා තුළ දී මගීන් සඳහා 5G සබඳතාවයන් භාවිතා කිරීම සඳහා අවසර ලබාදෙන බවයි.

එහිදී මගීන් සඳහා විවිධ යෙදවුම් පරිශීලනය කිරීම මෙන්ම දුරකථන ඇමතුම් පවා මෙම 5G සමග සම්බන්ධ වී සිදුකිරීමට අවස්ථාව සැලසේ. කෙසේ වෙතත් මෙම පහසුකම ක්‍රියාත්මක කරවීම 2023 වසරේ ජූනි මාසය පමණ වන විට සිදුකිරීමට අදහස් කර ඇති බව සඳහන් වේ.

එසේම මෙමගින් Wi-Fi සඳහා මගීන්ගෙන් ගාස්තු අය කිරීම නවතාදමා 5G සබඳතාවයන් නොමිලේ ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇත.

කෙසේ නමුත් 1991 වසරේ දී ගුවන් මගීන් සඳහා ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කරනු ලැබූ අතර එයට හේතුව ලෙස කෙටියෙන් දැක්වෙන්නේ දුරකථන භාවිතා කරනු ලබන්නේ නම් එවිට ගුවන් යානයට පාලක මැදිරීන් සමග සබඳතා ඇතිකර ගැනීමට ඇතිවන අපහසුතාවය අවම කිරීමටයි.

BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි