×

වසර 20ක් මඟ බලාසිටි යුරෝපා සංගමය සහ මර්කසොවර් අතර ඓතිහාසික වෙළඳ ගිවිසුම සම්මත වේ

මෙය වැඩිම ජනගහණයක් ඉලක්ක කරගත් ලොව විශාලතම වෙළඳ ගිවිසුමයි


වසර 20ක් පුරා එකගත්වයකට පැමිණීමට නොහැකිව තිබූ යුරේාපා සංගමය සහ දකුණු ඇමරිකානු ආර්ථික මණ්ඩලය වන මර්කසෝවර් අතර අති විශාල වෙළද ගිවිසුම පිළිබදව එකගත්වයකට පැමිණීමට දෙපාර්ෂවයටම හැකියාව ලැබී ඇත.

යුරෝපා සංගම් කොමිසමේ ප්‍රධානී ජීන් ක්ලවුඩේ ජන්කර් පවසන්නේ ඇමරිකා චීන වෙළද අර්බුදය උත්සන්න වෙමින් පවතින වතවානුවක මෙම වෙළද ගිවිසුම යුරෝපා සංගමයට එකගත්වයකට පැමිණීමකට හැකි වූ අති විශාලතම වෙළද ගිවිසුම බවයි.

බ්‍රසීල ජනපති ජායිරී බොල්සොනාරෝ ට අනුව මෙම ගිවිසුම ඓතිහාසික ලොව මෙන්ම මෙතෙක් පැවති අතිශය වැදගත් වෙළද ගිවිසුම් වලින් එකක් බවයි.

මර්කසෝවර් යනු දකුණු ඇමරිකානු රාජ්‍ය්‍යන් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, උරුගුවේ සහ පැරගුවේ යන රටවල් හී ඒකාබාද්ධසංවිධානයකි.

2016 වන තෙක් වෙනිසියුලාවද මෙහි සාමාජිකත්වය දැරූ අතර කණ්ඩායමේ මූලික ප්‍රමිතීන් පවත්වා ගත නොහැකි වී හේතුවෙන් සාමාජිකත්වය අහෝසි විය.

මෙම ගිවිසුම මගින් යුරෝපා සංගමය සහ මර්කසෝවර් අතර වෙළදාමේදී තීරුබදු අහෝසි කිරීම ,පාර්භොගිකයක් සදහා ආනයනික නිෂ්පාදනයන් සදහා මිල පහත හෙළීම, දෙපාර්ෂවයේම අපනයන ආයතන වල අභිවර්ධනය යන අරමුණු මූලික සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම මෙම ගිවිසුම මගින් පාර්භොගිකයන් මිලියන 800ක් ඉලක්ක කර ගනිමින් භාණ්ඩ සහ සේවා සදහා වෙළදපළක් නිර්මාණය කිරීමට නියමිතය. ඒ අනුව මෙය ලෝකයේ විශලාතම වෙළද ගිවිසුම බවට පත් වේ.

යුරා්පා සංගමය හා මර්කසෝව වෙළද ගිවිසුම සදහා සාකච්ඡා ආරම්භ වූයේ 1999 වසරේදීය නමුත් 2016 වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකානු මැතිවරණයත් සමග සාකච්ඡා වේගවත් විය. යුරෝපා සංගමය සහ ඇමිකාව අතර සාකච්ඡා පසුබෑමකට ලක් වීම සිදුවීම හේතුවෙන් යුරෝපා සංගමය තවත් පාර්ෂවයන් හා ගිවිසුම් කරා යෑම වේගවත් විය.


ඒ අනුව කැනඩාව, මෙක්සිකෝව, ජපානය සමගත් ට්‍රම්ප්ගේ මැතිවරණයෙන් පසු යුරෝපා සංගමය වෙළද ගිවිසුම් සදහා එකගත්වයන් ඇති කරගන්නා ලදී, කෙසේ වෙතත් මෙම ගිවිසුම යුරෝපා සංගමයට ජපන් ගිවිසුමට වඩා සිවු ගුණයකින් තීරුබදු මත ඉතුරුම් වැඩි කර දෙනු ඇත.

මෙම ගිවිසුම මගින් ලෝයේ වඩාත් සංවෘත ආර්ථිකයක් ඇති බ්‍රසීලය ආදී රටවල් තුළ යුරෝපීය වෙළදාම මෙතෙක් පැවති ආකාරයෙහි වෙනසක් නිර්මාණය වනු ඇත. මෙම රටවල් විසින් යුරෝපා සංගම් වෙත පනවා තිබූ ඉහළ තීරු බදු විසින් මෙම රටවල් තුළට ඇතුල් වූමට යුරෝපා සංගමයට අයත් රටවල් වලට බාධාවත් ව පැවතිනි. එමෙන්ම දකුණු ඇමරිකානු කෘෂිකාර්මික නිෂ්පාදනයන් සදහා යුරෝපා ආහාර වෙළදපල නිර්මාණය වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි