×

රුසියාව බල්ගේරියාවටත් තග දායි – යුරෝපා සංගමය හෙලා දකියි!

ඉකුත් දින බල්ගේරියාව එරට රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 70 දෙනෙකු ඉවත් කර දැමීමට කටයුතු කළ අතර, මීට ප්‍රතිචාර ලෙස රුසියාව එරට සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉවත් කර ගන්නා බවට තර්ජනය කර තිබේ.


රුසියාව මෙසේ ප්‍රසිද්ධියේ එල්ල කළ තර්ජනයන් අතර, බල්ගේරියාවේ රුසියානු තානාපති කාර්යාලය වසා දමන බවට සඳහන් කර ඇත.

බල්ගේරියාව මෙසේ තම රටේ සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 70 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙන්නේ, ඔවුන් ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීම නිසාවෙනි.

බල්ගේරියාව ගනු ලැබූ මෙම තීරණයට රුසියාව ප්‍රතිචාර දැක්වූ අන්දම යුරෝපා සංගමය විසින් හෙලා දැක ඇති අතර, යුරෝපා සංගමය අවධාරණය කරන්නේ, බල්ගේරියාව ක්‍රියා කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර නීතිය ට අනුකූලව බවයි.

බල්ගේරියාවේ තීරණයට රුසියාව ප්‍රතිචාර දක්වා ඇති අන්දම සාධාරනීකරණය කළ නොහැකි බව ද යුරෝපා සංගමය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, යුරෝපා සංගමය බල්ගේරියාවට පූර්ණ සහයෝගය ලබා දෙමින් ඔවුන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත්, මෙම කරුණට අදාළව සමීපව කටයුතු කරන බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි