×

‘බ්‍රෙක්සිට්’ ගිවිසුම අසාර්ථක වුවහොත් එයට බ්‍රිතාන්‍යය වගකිව යුතුයි, යුරෝපා සංගමය පවසයි

බ්‍රෙක්සිට් ගිවිසුම අසාර්ථක වුවහොත් එහි වගකීම බ්‍රිතාන්‍යය භාරගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපති ජොන්-ක්ලෝඩ් ජන්කර් පවසයි.


බ්‍රෙක්සිට් ගිවිසුම අසාර්ථක වුවහොත් එහි වගකීම බ්‍රිතාන්‍යය භාරගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපති ජොන්-ක්ලෝඩ් ජන්කර් පවසයි.

ජන්කර් අවධාරණය කර සිටියේ ඔහු සහ බ්‍රෙක්සිට් (බිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම; Britain-exit: Brexit) කටයුතු පිළිබඳ යුරෝපා සංගමයේ  සාකච්ඡාකරු මයිකල් බානියර් බ්‍රෙක්සිට් ගිවිසුම ලබා ගැනීම පිළිබඳ හැකි උපරිම අයුරින් කටයුතු කරන මුත්, එය අසාර්ථක වන්නේ නම් එහි වගකීම බ්‍රිතාන්‍යය දැරිය යුතු බවයි. 

සංවිධානාත්මක හා තිරසාර සැලසුම්කරණයකින් තොරව තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කරන්නේ නම් එය බ්‍රිතාන්‍යයට මෙන්ම යුරෝපයටද මහා විනාශයක් අත්පත් කර දෙනු ඇති බවට අවධාරණය කරන ඒ මහතා බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාව මත මෙම ගිවිසුම අනුමත කර ගැනීම සම්බන්ධයෙන් තමා හා බානියර් උපරිම අයුරින් කටයුතු කරන බවටත්, එහි අසාර්ථකභාවයට යුරෝපා සංගමය වග නොකියන බවටත් ප්‍රකාශ කළේය. 

එළඹෙන ඔක්තෝබර් 31 වන දින බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය. වර්තමාන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මේ සම්බන්ධ හිටපු අගමැතිනි තෙරේසා මේ අනුමත කර ගත් ගිවිසුම වෙනුවට නව ගිවිසුමක් සම්මත කර ගැනීම සඳහා කටයුතු කළ මුත් තෙවරක් ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතික්ෂේප විය. එමෙන්ම ජොන්සන් බ්‍රෙක්සිට් ගිවිසුම හමුවේ අත්තනෝමතික හා අසාමාන්‍ය ලෙස පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීම පිළිබඳ නඩු තීන්දුවේදී ද නීතිවිරෝධී ලෙස හැසිරී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ජන්කර් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම අවිධිමත් බ්‍රෙක්සිට් ගිවිසුම නිසා යුරෝපා සංගමය හා බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා දුර්වල වනු ඇති බවටත්, එය අනාගත වෙළඳ ගිවිසුම් වලට පවා ප්‍රභල අන්දමින් බලපානු ඇති බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි