×

යුරෝපා සංගමය monkeypox එන්නත් 110,000 ක් මිලදී ගැනීමට සැරසෙයි – බෙදාහැරීම ජූනි අග සිට

ලෝකයේ ඇතැම් රටවල මේ වන විට වසූරියට සමානකමක් දක්වන monkeypox නම් ආසාදනය ව්‍යාප්තව තිබේ.


මේ අතර, යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් වල monkeypox ආසාදිත පුද්ගලයන්ට ලබා දීම සඳහා හඳුන්වා දී ඇති එන්නතක් බෙදා හැරීමට නියමිතව පවතී.

මේ සඳහා monkeypox එන්නත් මාත්‍රා 110,000 ක් මිලදී ගැනීමට යුරෝපා සංගමය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම monkeypox එන්නත නිශ්පාදනය කරන අනන්‍යතාවය හෙළිනොකරන ලද නිශ්පාදකයකු සමඟ ගිවිසුම් ගත වීමට යුරෝපා සංගමය අද (14) දින සැරසෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා කයිරියාකයිඩ්ස් ප්‍රකාශ කළේ, අද දින ලක්සම්බෝර්ග් හි යුරෝපා සංගමයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව monkeypox එන්නත් මාත්‍රා මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගත වන බවත්, මෙම එන්නත් තොගය ජූනි මස අවසාන වන විට යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රට වලට බෙදා හැරීමට නියමිත බවත් ය.

එමෙන්ම, මේ වන විට monkeypox ආසාදිත පුද්ගලයන් 900 දෙනෙකු පිළිබඳ තොරතුරු යුරෝපා සංගමය වෙත වාර්තා වී ඇති බව ද ඈ අනාවරණය කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි