×

යුරෝපයේ රටවල් 10 ක් හරහා පාපැදි සවාරියක්

එක දිගට රටවල් 10 ක් හරහා පාපැදියෙන් යා හැකි පරිදි EuroVelo පාපැදි මාවත නිර්මාණය කර තිබේ.


මෙය, යුරෝපයේ සුවතා රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස අතිශය ජනප්‍රිය වෙමින් පවතින පාපැදියෙන් ගමන් බිමන් යාම පහසු කරලීමේ දැවැන්ත ව්‍යාපෘතියේ එක් කොටසකි.

මෙම EuroVelo 6 පාපැදි මාවත අත්ලාන්තික් සාගරයේ සිට කළු මුහුද දක්වාම විහිදෙයි.

යුරෝපයේ අති සුන්දර ගං ඉවුරු 6ක් පසුකරලීමට මෙහිදී අවස්ථාව උදා වනු ඇත.

තමන් වැනිම පාපැදියට පෙම් බැඳි නිරෝගී මිනිසුන් හැර වෙනත් කිසිදු ආකාරයක වාහන තදබදයක් මේ මාවත්වලදී ඔබට මුණ නොගැසෙනු ඇති.

රයින් ගඟ අසබඩින්

යුරෝපයේදී කෙනෙකුට දැකගත හැකි අතිශයින්ම සුන්දර දසුන් රැසක් මේ ගමනේදී ආවරණය වේ.

රොමේනියාවේදී හමුවන ඩැනියුබ් ඩෙල්ටාව එයින් එකකි.

ප්‍රංශයේ ලොයර් නිම්නය ද මේ පාපැදි මාවතේ හමුවන සුන්දර දසුනකි.

ඔස්ට්‍රියාවේ වියානා, හංගේරියාවේ බුඩාපේස්ට් සහ සර්බියාවේ බෙල්ග්‍රේඩ් වැනි සුන්දර අග නගරද පසුකරලීමට මෙහිදී අවස්ථාව ලැබේ.

වසර ගණනාවක් තුළ අදියර කිහිපයකින් ක්‍රියාත්මක වී මේ වන විට යුරෝපියානු රටවල් 10ක් යා කරන මෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 3653 කි.

EuroVelo

Cover Photo: World Biking

[embedyt] https://www.youtube.com/watch?v=QR56frgCVU0[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි