×

යුරෝපීයයන් වෙනිසියුලානු විපක්ෂ නායක ජනපතිවරයා ලෙස පිළිගනී.

යුරෝපා රටවල් විසින් පසුගියදා ජනපති නිකොලස් මධුරෝ වෙත අවධාරණය කර සිටියේ යළි මැතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළහොත් විපක්ෂනායකවරයා ජනපතිවරයා ලෙස පිළිගැනීමට තමන් සූදානම් බවය



වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝ එරට ජනපතිවරයා ලෙසට පිළිනොගනිමින් එරට විපක්ෂනායක ජුආන් ගයිඩෝ ව එරට අන්තර්වාර ජනපතිවරයා ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන යුරෝපා රටවල් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

යුරෝපා රටවල් විසින් පසුගියදා ජනපති නිකොලස් මධුරෝ වෙත අවධාරණය කර සිටියේ යළි මැතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළහොත් විපක්ෂනායකවරයා ජනපතිවරයා ලෙස පිළිගැනීමට තමන් සූදානම් බවය . ඒ අනුව දින අටක් තුළ නිකොලස් මධුරෝ විසින් ජනපතිවණයක් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම රටවල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

පසුගිය ජනවාරි 13 වන දින හිටපු විපක්ෂනායක ජුආන් ගයිඩෝ විසින් තමන් එරට අන්තර්වර ජනපතිවරයා ලෙස තමන් විසින්ම ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව රුසියාව සහ චිනය පමණක් නිකොලස් මධුරෝ වෙනිසියුලානු ජනපතිවරයා ලෙස පිළිගැනීමට සූදානම් නමුත් ඇමරිකාව සහ අනෙක් යුරෝපා රටවල් ප්‍රකාශයට පත් කර සිටියේ තමන් ඔහුව වෙනිසියුලානු ජනපතිවරයා ලෙස පිළිගැනීමට සූදානම් නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි