×

අපි බොක්කෙන්ම ඔබ සමඟ: යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුවේ සහාය!

යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා යුක්රේනය දරන ප්‍රයද්නයට සම්පූර්ණයෙන්ම සහාය ලැබෙන බව යුරෝපා පාර්ලිමේන්තුව පවසයි.


අද (10) දින කොපෙන්හගන් ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව අමතමින් යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති රොබර්ටා මෙට්සෝලා මහත්මිය අවධාරණය කළේ, යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැනීම සඳහා යුක්රේනය දරන උත්සාහයට ‘දැඩි සහාය’ හිමිවන බවයි.

යුරෝපා පාර්ලිමේන්තුව යනු යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුවයි.

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැනීම පිළිබඳව කතිකාවත බොහෝකලක පටන් පැවති අතර, මීට රුසියාව තදින් ම විරුද්ධ වී තිබිණි.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන යම් රාජ්‍යයකට මුහුණ දීමට සිදුවන යම් උවදුරක් හමුවේ සාමාජිකත්වය දරන අනෙකුත් සියලුම රාජ්‍ය එම රාජ්‍යයට සහාය දැක්වීමට බැඳී සිටියි.

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගතහොත්, එරට මතුව ඇති යුධමය වාතාවරණය තුළ යුරෝපා රටවලින් අධාර ලබා ගැනීමට හැකිවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි