‘මේ පායන කාලෙත් ඇයි වහින්නෙ? වහින කාලෙට ඇයි පායන්නේ? හැම දේම දැන් රුයිතෙටනෙ වෙන්නේ..“ යැයි වැඩිහිටියෝ අහස දෙස බලා මුමුණති.
මේ අතර, පෘථිවිය උණුසුම් වීම මේ මොහොතේදී නතර වුවද, සාගර ජල මට්ටම මීටර 19 කින් ඉහළ යාම වළක්වාගත නොහැකි බව විද්‍යාඥයෝ පවසති.
ඒ, ඓතිහාසික දත්ත සමුදායක් ද මේ ප්‍රකාශය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කරමිනි.
මෙයට වසර මිලියන 3 ත්, 3.2 ත් අතර කාලයකට පෙර මිහිතලයේ උණුසුම කාර්මික විප්ලවය සිදුවීමට පෙර යුගයේ පැවති උණුසුමට වඩා සෙල්සියස් අංශක 2 සිට 3 දක්වා අගයකින් ඉහළ ගොස් තිබිණි.
මෙම යුගය සහ කාර්මික විප්ලවය අතර යුගය පරිසර විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙන්නේ ‘විරාම කාලයක්‘ ලෙස ය.
එම විරාම කාලය තුළ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව, අද මෙන්ම ඉහළම අගයක පැවතිණි. කාබන්ඩයොක්සයිඩ් වායුව මිහිතලය උණුසුම් කරන ප්‍රධානතම කාරකයකි.
ඉන්පසුව එළඹුණේ කාර්මික විප්ලව සමයයි. එම යුගය 1760 සිට 1840 දක්වා විහිදිණි.
අනතුරුව සිදුවූ දේ, අනාගතයේදී සිදුවීමට යන දෙයට සමාන ය.
එසේ පවසන්නේ දකුණු ෆ්ලොරිඩා සරසවියේ පර්යේෂකයන් ය.
කාර්මික විප්ලවයේ පටන් මේ දක්වා පෘථිවිියේ වායුගෝල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් ඉහළ ගොස් තිබේ. මේ එක් අංශකය ගණන් ගත යුතු දෙයක් නොවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් සත්‍යය එය නොවේ. එමගින් පෘථිවි ගෝලයට සහ පෘථිවි වාසීන්ට ඔබ අප සිතනවාට වඩා අති විශාල, භයානක සහ දරුණු බලපෑමක් ඇති කළ හැකිය.
ඉදිරියේදී මේ බලපෑම දිගින් දිගටම පවතින්නේ නම් දරුණු සුළි කුණාටු, අයහපත් කාලගුණික තත්වයන් සහ වැඩි වැඩියෙන් නියඟ ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇත.
මානවයා පරිසර හිතකාමී දැවැන්ත මැදිහත් වීමක් සිදුකර මේ මොහොතේ පටන් වායුගෝලය රත් වීම නතර කර ගත්තත්, දැනටමත් සිදුකරගෙන තිබෙන විනාශය අනුව ඉදිරියේදී සාගර ජල මට්ටම් මීටර 5.6 ත් 19.2ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාම වළක්වාගත නොහැකි වනු ඇත.
එය සිදුවනු ඇත්තේ ක්‍රම ක්‍රමයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිගමනය කරන ආකාරයට මේ සියවස අවසානයේදී එනම් වසර 2100 වන විට සාගර ජල මට්ටම සෙන්ටිමීටර 65 කින් ඉහළ නැගීමට නියමිත ය.
මෙයට අදාළ සම්පූර්ණ පර්යේෂණ වාර්තාව ‘ Nature ‘ ජර්නලය මගින් ප්‍රකාශයට පත් කර තිබිණි.
පහත දැක්වෙන්නේ අපට ඉතාම හුරුපුරුදු භූමි භාගයන් සහ ජීවීන් කිහිප දෙනෙකුට මේ විපර්යාසය කෙසේ බලපානු ඇත්ද යන්න විමසා බැලීමකි.
මේ හිම මිදුණු මහාද්වීපය 1992 වසරේ පටන් අයිස් ටොන් ට්‍රිලියන 3.3කට වඩා දියවී යාමට ලක්ව තිබේ. එහි ප්‍රතිඵලය ලෙස සාගර ජල මට්ටම අඟල් 1/4 කින් ඉහළ ගොස් ඇත. ඒ බව පවසන්නේ Nature ජර්නලයයි. මෙය මේ අන්දමින් දිගටම දිය වන්නේ නම් වසර 2100 වන විට සාගරයේ ජල මට්ටම අඟල් 6 කින් ඉහළ යාමට වග කියනු ඇත්තේ ඇන්ටාක්ටිකාවයි.
ඇන්ටාක්ටිකාව මිනිස් වාසයෙන් කොතරම් දුර වුවද, කිසියම් අවාසනාවකට මිහිතලය උණුසුම් වීම නිසා වැඩිවශයෙන්ම බැට කන භූමි භාගය බවට එය පත්වී තිබේ. එහි වසන පෙන්ග්වින් කොලනි මේ නිසා වඳ වි යාමේ තර්ජනයට ලක් වෙයි. මේ වන විටත් අයිස් කඳු තැනූ බොහෝ ග්ලැසියර දිය වී ගොස් ඇති අතර, මිදෙන හිම විසින් තෘණ පිටි වවා තිබේ.
ඊශ්‍රාලය, බටහිර ඉවුර සහ ජෝර්දානය අතර මායිම තනන්නේ මළ මුහුද විසිනි. මේ අති දැවැන්ත ලවණ විල ගතවූ වසර 40 තුළ 1/3 කින් හැකිළී ගොස් තිබේ. ජලය සිඳී ගිය තැන්වල
Sinkholes ද මේ වන විට දැකගත හැකිය. මළමුහුදේ ලවණවලින්සු වඳ විලවුන් ඇතුළු රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම්වලට මෙය ලොතරැයියකි. ඔවුන් යුහුසුළුව මෙවැනි ස්ථාන හාරා තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්නේ මළ මුහුදේ ඉවුරු තවදුරටත් ඛාදනයට ලක් කරමිනි.
මේ අතර, කොලොම්බියා සරසවියේ Lamont-Doherty Earth Observatory පර්යේෂකයන් පවසන්නේ මෙයට වසර දහස් ගණනකට පෙර වෙන යම් හේතුවක් නිසා මළ මුහුද මේ ආකාරයෙන් සිඳී ගිය විට එම ප්‍රදේශය අති දරුණු නියං සායකට ගොදුරු වූ බවයි. මේ වන විටත් මළ මුහුද ආශ්‍රිත කලාපයට වර්ෂාපතනය අඩු වී ඇති බව ද විද්‍යාඥයෝ පෙන්වා දෙති.
බයොබාබ් යනු මේ ලෝකයේ දැකගත හැකි අසිරිමත්ම සහ පැරණිතම යෝධයෙකි. දකුණු අප්‍රිකාවේදී මේ මහා වනස්පතියකට වසර 3000 ක් තරම් ජීවත් විය හැකිය. ‘ජීවයේ ගස‘ “the tree of life” කියා ද එයට කියනු ලැබේ. කෙසේ වෙතත් ගතවූ වසර 12 ක කාලය තුළ මිහිමත ඇති විශාලතම බයොබාබ් ගස් 6 න් 5 ක් මිය ගොස් තිබේ. තවද මිහිමත සිටි පැරණිතම බයොබාබ් ගස් 13 න් 9 ක් ද මිය ගොස් තිබේ. Nature Plants ජර්නලයේ පළ වන වාර්තාවකට අනුව මෙසේ වී තිබෙන්නේ දේශගුණික විපර්යාසයන් නිසා බවට සැක පළ කෙරේ.