×

ට්‍රම්ප්ගේ ලාස් වේගාස් හෝටලය අසල පිපිරීමක් එක් අයෙකු මරුට

සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවති


සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නෙවාඩා ලාස් වේගාස් හි තට්ටු 64 කින් සමන්විත හෝටලය ආසන්නයේ මෝටර් රථයක් පුපුරා යාම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම මෝටර් රථය එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමට අයත් වන අතර එය කොලරාඩෝ ප්‍රදේශයෙන් කුලියට ගෙන තිබු . අතර එහි රියදුරු වහනය හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා දුම් පානය කිරීමට පටන් ගැනීමෙන් අනතුරුව එය පුපුරා ගොස් ඇත.

මෝටර් රථය ඉන්දන වලින් පුරවා තිබී ඇති අතර ගින්නට හසුවීම හේතුවෙන් එහි රියදුරු මියගොස් ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, ධවල මන්දිරය මෙම සිදුවීම ලුහුබඳිමින් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි