×

ලෙබනනයේ බෙරුට් නගරයේ පිපිරුමක්! පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට!!

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ බෙරුට් නගරයේ හටගත් පිපිරීමෙන් 3.3 ක රික්ටර් අගයක භූකම්පනයක් සිදුව තිබෙන බවයි. 


ලෙබනනයේ බෙරුට් නගරයේ හටගත් පිපිරුමක් නිසා පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් රැසකට තුවාල සිදුව තිබෙන බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, ලෙබනනයේ බෙරුට් අගනුවර ඊයේ දින (04) සනද්‍යාවේ හටගත් මෙම පිපිරුම නිසා මරණයට පත් පිරිස 73 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2,750 පමණ සංඛ්‍යාවකට තුවාල සිදුව ඇත.

මෙම සංඛ්‍යා ඉදිරියට වෙනස් විය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

බෙරුට් නගරයේ වරාය තුළ හටගත් ගින්නක් තුළින් මෙම පිපිරුම හට ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මේ වන විට ගිනිනිවන කණ්ඩායම් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු යොදමින් පවතී

සිදුවීමෙන් විදෙස් ජාතිකයන් ද ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට තොරතුරු ලැබෙමින් පවතින අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන අන්දමට ඕස්ට්‍රේලියානු ජාතිකයකු ද මෙම පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජර්මානු චාන්සල්වරිය වන ඇන්ජෙලා මර්කෙල් මහත්මිය මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ. ඕස්ට්‍රේලියානු රජය ද සිදුවීමෙන් අහිමි වූ ජීවිත හා තුවාල වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ.

මීට අමතරව, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ බෙරුට් නගරයේ හටගත් පිපිරීමෙන් 3.3 ක රික්ටර් අගයක භූකම්පනයක් සිදුව තිබෙන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි