×

උතුරු ගාසා හි පිපිරීමක්! නාඳුනන ඩ්‍රෝන යාත්‍රා දෙකක් ඊශ්‍රායලයට පියාසර කරයි!!

පසුගිය සඳු දින (12) ගාසා තීරයේ අධික ශබ්දයක් සමඟ පිපිරීමක් හටගෙන ඇති අතර, ඒත් සමඟ හඳුනා නොගත් ඩ්‍රෝන යාත්‍රා දෙකක් ගාසා තීරය පසුකොට ඊශ්‍රායලයට පියඹා යන අයුරු හඳුනා ගෙන තිබේ.


පසුගිය සඳු දින (12) ගාසා තීරයේ අධික ශබ්දයක් සමඟ පිපිරීමක් හටගෙන ඇති අතර, ඒත් සමඟ හඳුනා නොගත් ඩ්‍රෝන යාත්‍රා දෙකක් ගාසා තීරය පසුකොට ඊශ්‍රායලයට පියඹා යන අයුරු හඳුනා ගෙන තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම ඩ්‍රෝන යාත්‍රා ගාසා තීරයෙන් ඊශ්‍රායලය දෙසටත්, නැවත පලස්තීනය දෙසටත් සැරිසැරූ බව සඳහන් කරති.

දැනට වාර්තා වන අන්දමට, පිපිරුම හටගත් ආකාරය හෝ ඒ පිළිබඳ පැහැදිලි තොරතුරක් ලබා දීම බලධාරීන් ප්‍රතික්ෂේප කළද, ඇතැම් පලස්තීන මාධ්‍ය වාර්තා කරන්නේ පිපිරෙන සුළු බැලූනයක් (explosive balloon) නිසා මෙය හට ගත් බවයි.

ගාසා තීරය පසුකරමින් පියාසර කළ ඩ්‍රෝන යාත්‍රා කෙරේ ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රතිචාර නොදක්වා නිරීක්ෂණය කර ඇති අතර, එම අංශ පවසන අන්දමට මෙම ඩ්‍රෝන යාත්‍රා තීරයෙන් ඉදිරියට ඊශ්‍රායලය දෙසටත් පසුපසට පලස්තීනය දෙසටත් පියාසර කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මේ වන විට දියත් වෙමින් පවතින බවට The Jerusalem Post වාර්තා කරයි.

මේ අතර, පසුගිය ඉරු දින (11) ගාසා තීරය පසුකිරීමට තැත්කළ පලස්තීන ජාතිකයකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා විට ආයුධ සන්නද්ධ ව සිටි බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි