×

තුර්කියේ පතරොම් ගබඩාවක පිපිරීමක්, ජීවිත හානි වාර්තා නොවේ

සිකුරාදා (09) අලුයම සිරියානු දේශ සීමාව අසල තුර්කියේ හැටේ පළාතේ පිපිරීමක් සිදුවී ඇති බවට වාර්තා වේ.


සිකුරාදා (09) අලුයම සිරියානු දේශ සීමාව අසල තුර්කියේ හැටේ පළාතේ පිපිරීමක් සිදුවී ඇති බවට වාර්තා වේ.

හටගත් මෙම පිපිරීම තුර්කි හමුදා පතරොම් ගබඩාවක් තුළ සිදුවී ඇති අතර, ඒ අසල නිවාස ඉවත් කර ඇති මුත් කිසිවකුත් තුවාල ලබා නැති බවට එරට බලධාරීන් පවසනු ලබයි. 

තුර්කි ගුවන්විදුලි නාලිකාවක් වන NTV සඳහන් කර සිටින්නේ, පිපිරීමට හේතු මෙතෙක් වාර්තා වී නොමැති බවත්, හදිසි නීති රෙගුලාසි යටතේ ප්‍රදේශවාසීන් එම කලාපයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි. 

තුර්කියේ හැටේ පළාතේ රෙහාන්ලි දිස්ත්‍රික්කයේ පතරොම් ගබඩාවක හටගත් මෙම පිපිරීම එරට වේලාවෙන් පෙ.ව. 3.30 ට සිදුවී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි