×

අයහපත් කාලගුණය නිසා ඇමරිකාවේ ගුවන් ගමන් 6000 ක් පමා වේ.

අවම වශයෙන් ගුවන් ගමන් වාර 6500 ක් පමණ ඊයේ දිනයේදී අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී තිබේ.


අන්තර්ජාතික ගුවන් ගමන් වාර 800 ක් පමණ ද මේ අනුව අවලංගු කිරීම හෝ ප්‍රමාද කිරීම සිදුවිය.

ඇමරිකාවේ කාර්යබහුලම සති අන්තය බවට පත්වන තෑන්ක්ස්ගිවින් දිනය ඊයේ ට යෙදී තිබූ නිසා මේ තත්වය මත මගීහු මහත් අපහසුතාවයට පත් වූහ.

බෆලෝ නයගරා අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් ගුවන් පථය මත ලිස්සායාමේ සිද්ධියක් ද වාර්තා විය.

දකුණු ඩැකෝටා ජනපදයේ අධික මීදුම් හා හිම පතනය හේතුවෙන් ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් මගීන් 12 දෙනෙකු මිය යාමේ සිද්ධියක් වාර්තා වූයේ මෙයට දින දෙකකට පෙර ය.

මේරිලන්ඩ් හි මෝටර් රථ 25 ක් පමණ එක පෙළට තල්ලු වීම නිසා රිය අනතුරක් ද වාර්තා විය.

ඩැකෝටා ජනපදයේ සිට මිචිගන් දක්වා ප්‍රදේශයේ අඩි 12 ක් උසට හිම පතනය වී තිබිණි.

දකුණු දිග කැලිෆෝනියාවේ 9600 කට අධික පිරිසකට අධික කුණාටු සහිත කාලගුණය හේතුවෙන් විදුලිය විසන්ධි වීම සිදුවිය. ‘‘වයි-ෆයි නැහැ. විදුලිය නැහැ. අපිට දැනෙන්නේ 1800 යුගයේ ජීවත් වෙනවා කියලයි.‘‘ යැයි ප්‍රදේශවාසීහු CNN පුවත් සේවයට ප්‍රකාශ කළහ.

ලොව පුරාම මේ වන විට අසාමාන්‍ය කාලගුණික තත්වයන් (extreme weather conditions) ඇති වී තිබෙන්නේ පාරිසරික හදිසි තත්වයන් නිර්මාණය කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි