×

FaceApp ගැන සොයන්න FBI පරීක්ෂණයක් ඉල්ලයි.

පරිශීලකයන් ගේ දත්ත වල අනාරක්ෂිත බව මෙයට හේතුවයි.



අමරිකානු සෙනෙට් සභික මෙන්ම සුළුතර පක්ෂ නායක චක් ෂුමර් මේ දිනවල කථාබහට ලක්වන FaceApp මෘදුකාංගය සම්බන්ධව ඇමරිකානු ආරක්ෂක සේවය වන FBI වෙතින් පරීක්ෂණයක් ඉල්ලා ඇත.

මෙම මෘදුකාංගයෙන් සිදු කෙරෙනු ලබන්නේ පුද්ගලයින් ගේ ඡායාරූප වයස අනුව ඔවුන්ගේ පෙනුම වෙනස් කර දක්වන්නකි.


ට්විටර් ඔස්සේ ලිපියක් යොමු කරමින් ඔහු දන්වා සිටින්නේ මෙම ඇප් මෘදුකාංගය හේතුවෙන් අර්බුද රැසක් මතුවෙමින් පවතින බවයි. ඔහු පවසන්නේ මෙම ඇප් මෘදුකාංය මගින් ලබා ගන්නා පුද්ගලයන්ගේ පෞද්ලික තොරතුරු විදේශ  බලවේග විසින් ඇමරිකාවට එරෙහිව භාවිතා කරනු ඇති බවයි.


රුසියානු සමාගමක් විසින් නිර්මාණය කර ඇති මෙම ඇප් මෘදුකාංගය හේතුවෙන් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීම සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් මතු වී ඇත. මේ සම්බන්ධව රුසියානු ආයතනයට චෝදනා එල්ල වූවද එම ආයතන විසින් අදාල චෝදනා ප්‍රතික්ෂේප කර සිටී,
ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පිහිටි Wireless Lab ආයතනය මේ පිළිබදව පවසන්නේ පරිශීලකයන්ගේ දත්ත හෝ ඔවුන්ගේ ඡායාරූප කිසිවක් මෙ මෘදුකාංගය මගින් ගබඩා කර තබා නොගන්නා බවයි. එමෙන්ම මෙය රුසියාව මූලික කරගත් ආයතනයක් වුවත් පරිශීලකයන්ගේ දත්ත් රුසියාවට ලබා නොදෙන බව මෙහි නිර්මාපක ආයතනය පවසයි.

කෙසේ වෙතත් චක් ෂූමර් මේ පිළිබදව FBI පරීක්ෂණයක් ඉල්ලා සිටී.
මින් පෙර 2017 වසරේදීද මෙම FaceApp මෘදුකාංගය මගින් යම් අයෙකුගේ සෙල්ෆි ජායාරූපයක ජනවර්ගය විශේෂ කර දැක්වීමේ හැකියාවක් තිබුණද ඒ පිළබදව පැවති දැඩි විවේචනත් සමග අදාල ආයතනය එම පහසුකම මේ වන විට ඉවත් කර ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි