×

මින්මාරයේ මිලිටරි ජුන්ටාවට ෆේස්බුක් සමාගමෙන් සැර ප්‍රතිචාරයක්!

ෆේස්බුක් සමාගම බ්ලොග් සටහනක් තබමින් අවධාරණය කර සිටියේ ඉකුත් පෙබරවාරියේ මුල පටන් මියන්මාරයේ හටගත් හමුදා කුමන්ත්‍රණය තුළ බිහිසුණු සිදුවීම් රාශියක් හටගත් බවත්, එයම ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජමාධ්‍ය ජාලය භාවිතා කිරීමට හමුදාවට ඉඩ ලබා දිය නොහැකි බවයි.


වහා ක්‍රියාත්මක වන පරිදි මියන්මාරයේ හමුදාවට ෆේස්බුක් සමාජමාධ්‍ය ජාල භාවිතය තහනම් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව, අද (25) පටන් මියන්මාර හමුදාවට ෆේස්බුක් සමාජමාධ්‍ය ජාල අවහිර වනු ඇත.

ෆේස්බුක් සමාගම ඉහත පියවර ගෙන තිබෙන්නේ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය මත හමුදාව පාලන බලය අතට ගැනීමට ප්‍රතිචාර වශයෙනි.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු වස් දහස් සංඛ්‍යාත වැසියන් වීදි බැස තිබීම දක්නට ලැබේ.

ෆේස්බුක් සමාගම බ්ලොග් සටහනක් තබමින් අවධාරණය කර සිටියේ ඉකුත් පෙබරවාරියේ මුල පටන් මියන්මාරයේ හටගත් හමුදා කුමන්ත්‍රණය තුළ බිහිසුණු සිදුවීම් රාශියක් හටගත් බවත්, එයම ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජමාධ්‍ය ජාලය භාවිතා කිරීමට හමුදාවට ඉඩ ලබා දිය නොහැකි බවත් ය.

මියන්මාර හමුදාවට පැනවූ මෙම තහනම ඉන්ස්ටග්‍රෑම් වෙත ද ක්‍රියාත්මක වේ.

ඉකුත් නොවැම්බර් මස මියන්මාරයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සු කී මහත්මිය ප්‍රමුඛ නැෂනල් ලීග් ෆෝ ඩිමොක්‍රසි නම් පක්ෂය විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ අතර, මෙම ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගත් බව පවසමිනි මියන්මාර හමුදාව ඉහත පියවර ගනු ලැබුවේ.

එමෙන්ම අවුන් සාන් සු කී මහත්මිය, මියන්මාර ජනාධිපති, ඇතුළු දේශපාලන නායකයින් කිහිප දෙනෙකු හමුදා අත්අඩංගුවට පත්කිරීමට ද කටයුතු කර තිබිණි.

මීට අමතරව, හමුදා පාලනය සමඟ රට තුළ හටගත් බිහිසුණුකාරී වාතාවරණය තුළ පුද්ගලයින් තිදෙනෙකු වත් ජීවිතක්ෂයට පත් ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි