×

Facebook නිසා මිලියන 6.8ක් අසරණයි.

“Notifying our Developer Ecosystem about a Photo API Bug”


පසුගියදා ෆේස්බුක් භාවිතාකරන්නන් තම ගිණුමට ලොග්ව සිටියදී දර්ශනය වූ ඉහත සදහන් දැන්වීම කෙනෙක්ට එතරම් පහසුවෙන් අවබෝධ නොවන්නක්. නමුත් ලිපිය කියවගෙන යන විට එය තේරුම් ගැනීමට හැකි වනු ඇත.

Facebook ආයතනය නැවත වරක් ඔබ ඇතුළු තවත් මිලියන 6.8ක් වුනු පාරිභෝගිකයන්ගේ දත්ත නැවත වරක් වෙනත් සමාගම් වලට විකුණා ඇති බව ඔබ දන්නෙහිද? ඔබ දන්නවා ඡායාරූපයක් facebook වෙබ් අඩවියේ පළ කරන විට ඔබට පුළුවන් privacy settings හදන්න. නැතිනම් ඒවා වෙනස් කරන්න. නමුත් පුදුමයට කරුණ නම් මේ පිටතට ගිය සෑම ඡායාරුපයක්ම privacy සීමා කරන ලද ඡායාරූප වීමයි. ඒ වගේම ඔබ stories වලට දමන ලද, ඒ වගේම upload කළත් ඔබ විසින් publish නොකරන ලද ඡායාරූපත් මේ ලබා දුන් දත්ත වලට අයත් වෙනවා. Facebook මෘදුකාංග ඉංජිනේරුවන්ට අනුව සැප්තැම්බර් මාසයේ 12 සහ 25 අතර කාල වකවානුවේදී මෙම ගැටලුව ඇති වී තිබෙනවා. නමුත් ඔවුන් දෙසැම්බර් මාසය තෙක්ම ඒ පිළිබඳව ප්‍රසිද්ධ කළේ නැහැ.

ඔවුන් මේ විටත් ඔවුන්ට පවා access කළ නොහැකි මේ ඡායාරුප විනාශ කරමින් සිටින බව තවදුරටත් සඳහන් වෙනවා. මේ වන විටත් ඩිවලොපර්ස්ලා 800කට වැඩි ප්‍රමාණයක් විසින්, apps 1500 ක් හරහා ඔබේ දත්ත හුවමාරු කරන බව ඔබ දන්නවාද? Facebook මෙයට හේතුව විදිහට දක්වන්නේ ඔවුන්ගේ Photo API එකේ තිබුන ගැටළුවක්. අනික් වැදගත්ම හේතුව තමයි මේ අගතියට පත් වුනු සෑම user කෙනෙක්ම third party apps වලට facebook හරහා log වූවන් වීමයි.

මේ ගැටලුවට ඔබත් භාජනය වෙලා තිබෙනවානම් ඔබටත් facebook මගින් පහත ආකාරයේ දැනුම් දීමක් ලැබෙනු ඇති.

ප්‍රධාන ඡායාරූපය :
Medium



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි