×

Facebook Instant Articles, ඔබට සුභ ගමන්!

Facebook instant articles යනු, 2015 හඳුන්වා දුන් ජංගම දුරකථනවල ඉතා ඉක්මනින් load කිරීමට හැකි Facebook විසින් ම සපයන HTML ලිපි වේ.


Meta සමාගම විසින් පසුගියදා Instant Articles සඳහා සහාය දැක්වීම 2023 වසරේ අප්‍රේල් මස සිට නවත්වන බව සියලුම Instant Article publishers ලාට දැනුම් දී තිබේ. ඉන් පසුව ඔවුන්ට විකල්ප මාර්ග සොයා ගැනීමට මාස 6ක කාලයක් ලබා දෙන අතර instant articles වෙත තිබූ user traffic එක ස්වයංක්‍රීයවම අදාළ publisher ගේ web අඩවිය වෙත යැවෙන බව ඔවුන් තව දුරටත් සඳහන් කර තිබේ.

Facebook instant articles යනු, 2015 හඳුන්වා දුන් ජංගම දුරකථනවල ඉතා ඉක්මනින් load කිරීමට හැකි Facebook විසින් ම සපයන HTML ලිපි වේ.

මේ හේතුවෙන් පුවත් ප්‍රකාශක වෙබ් අඩවි හැ‍ර අනෙකුත් කාණ්ඩයේ වෙබ් අඩවි රාශියක් ද ඍජුවම වෙබ් අඩවි වෙත තම ලිපි පළ නොකර Facebook servers තුළ ඇති instant articles සේවාවට පළ කිරීමට උනන්දු වන්නට විය. මේ හේතුවෙන් වඩාත් ජනප්‍රිය වූ මෙය Facebook සමාගම විසින් මේ තුළට ads යොමු කර ප්‍රකාශකයන්ට යම් කිසි මුදලක් ඉපැයීමට හැකි වන සේද මේ instant article සේවාව යාවත්කාලීන කරණු ලැබුණි.

Facebook මෙය එළිදක්වන විට, කියා සිටියේ instant articles සම්මත ජංගම වෙබ් අඩවියට වඩා 4 ගුණයක වේගයෙන් load වී දර්ශනය වන බවයි. 2015දී විදේශ රටවල ප්‍රවෘත්ති ප්‍රකාශකයන්ට මෙය ඉතා යෝග්‍ය වූ අතර පසු කලකදී ජනයාගේ මූලිකම ප්‍රවෘත්ති දැනගැනීමේ app එක බවට පත් වීමටද Facebook සමාගමට මේ තුළින් හැකි විය.

මේ තුළින් publishers ලාට තමන් කැමති ads හෝ Facebook audience network එක තුළින් මේ සඳහා ads පළ කරවීමට හැකි විය.

මේ instant articles වල news articles වලට බොහෝ දෙනා ඒ සඳහා නොගැලපෙන ආකාරයේ දැන්වීම් පළ කිරීමට කටයුතු කරන බව meta සමාගමේ ප්‍රකාශකයෙකු විදෙස් වෙබ් අඩවියකට පවසා තිබුණි. නමුත් meta සමාගම මේ වසරේ මුලදී පැවසූ පරිදි, ව්‍යාපාරයක් ලෙස පරිශීලකයන් සමඟ අකමැති ක්ෂේත්‍රවල වැඩිපුර ආයෝජනය කිරීම අර්ථවත් නොවන නිසා ඔවුන් මේ තීරණය ගත බව පවසා සිටින්නට විය.

2018 මුල් භාගය වන විට,වසර තුනකට පෙර Facebook Instant Articles සමඟ මුල් හවුල්කරුවන් ලෙස ලැයිස්තුගත කර ඇති ප්‍රකාශනවලින් හරි අඩකට වඩා මෙම instant articles දැනටමත් අත්හැර දමා ඇත. instant articles හඳුන්වා දුන් දින සිටිම Facebook සමඟ සිටි බොහෝ ප්‍රකාශන වල ප්‍රධාන article platform එක Facebook instant articles වීමට පෙර ඔවුන්ට අසාධාරණයක් නොවන පරිදි meta සමාගම විසින් මේ තීරණය ගෙන තිබේ. බලයලත් පුවත් අඩවි වෙනත් publishing methods සඳහා instant articles අත්හැරීමත් සමඟ, වෙනත්, අඩු පිළිගත් වෙබ් අඩවි මෙහි හිඩැස් පිරවීම සඳහා ඉක්මනින් මේ සඳහා යොමු විය.

SOURCE – VERGE



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි