×

ෆේස්බුක් ට්‍රම්ප්ගේ ප්‍රචාරක දැන්වීම් ඉවත් කරයි!

ෆේස්බුක් ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නවත ජනපති ධූරයට තෝරා පත් කර ගැනීමේ මැතිවරණ ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යනු ලබන සමහර දැන්වීම් ඉවත් කරන බවයි.


ෆේස්බුක් ආයතනය පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නවත ජනපති ධූරයට තෝරා පත් කර ගැනීමේ මැතිවරණ ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යනු ලබන සමහර දැන්වීම් ඉවත් කරන බවයි. එම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනපදයේ නිල සංගණනය වටා ගොඩනැගෙමින් ඇති ව්‍යාකූලත්වය වැළැක්වීමට බව වාර්තා වේ.

“නිල කොන්ග්‍රස් දිස්ත්‍රික් සංගණනයකට” “දැන් ප්‍රතිචාර දක්වන ලෙස” ෆේස්බුක් දැන්වීම හරහා ජනතාවගෙන් ඉල්ලා සිටිමින් ට්‍රම්ප්ගේ සංගණන ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ෆේස්බුක් අවභාවිතා කිරීම පිළිබදව පසුගියදා බොහෝදෙනා කෝපයටත් කුතුහලයටත් පත්ව තිබුණි.

“මෙම සමීක්ෂණය අපගේ කණ්ඩායමේ 2020 ප්‍රචාරක ව්‍යාපෘතියට අත්‍යවශ්‍ය වේ. මෙම සංගණනයට ප්‍රතිචාර දැක්වීමට ඔබ වැනි දේශප්‍රේමී ඇමරිකානුවන් අපට අවශ්‍යය, එබැවින් අපට ඔබගේ රාජ්‍යය සඳහා ජයග්‍රාහී ව්‍යාපෘතීන් වර්ධනය කර ගත හැකිය” දැන්වීම් කිහිපයකම දක්වා තිබුණේ එලෙසිනි.

සමීක්ෂණයේ ප්‍රශ්න අතරට ජනාධිපති ට්‍රම්ප් පිළිබඳ ඔවුන්ගේ අදහස් මෙන්ම ඔවුන්ගේ වයස, නම සහ සම්බන්ධතා තොරතුරු පිළිබඳ පරිශීලකයින් පිළිබද ප්‍රශ්න ද ඇතුළත් වේ. සමීක්ෂණයෙන් ඔවුන් වැඩිපුරම කියවන ප්‍රවෘත්ති මොනවාදැයි විමසූ අතර, නැන්සි පෙලෝසි සහ රැඩිකල් වාමාංශිකය පිලිබදව ඇමරිකානු ජනතාවගේ අදහස පිලිබද ප්‍රශ්නද ඇතුළත් විය..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි