×

Facebook සමාගම FACEBOOK ‌‌බවට පත්වෙයි.

ෆේස්බුක් යනු ඔබ වෛර කරන සමාජ ජාලයයි; FACEBOOK යනු ඔබ ආදරය කළ බව ඔබ නොදැන සිටි සමාගමයි.


පසුගිය සමයේ පරිශිළකයන්ගේ විශ්වාසය කඩ කිරීමේ චෝදනාව සමග ෆේස් බුක් ආයතනය සම්බන්ධව නඩු විභාගයන් සහ විමර්ෂණ මධ්‍යයේ සමාගම නිවේදනය ක‌ලේ තමන් සිය සන්නාමයෙහි වෙනසක් ඇති කරන බවයි.

ඒ් අනුව Facebook යන සන්නාමය FACEBOOK බවට පත් වනු ඇති අතර බහුවර්ණ සහිත ලාංඡනයක් හදුන්වා දී ඇත. ෆේස් බුක් සමාගම විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට අමතරව වට්ස් ඇප් , ඉන්ස්ටග්‍රෑම් සේවාවන්ද පවසයි.

ෆේස්බුක් යනු ඔබ වෛර කරන සමාජ ජාලයයි; FACEBOOK යනු ඔබ ආදරය කළ බව ඔබ නොදැන සිටි සමාගමයි.

මෙම නව සංඛේතය කුමක් සදහාද? මෙම නව සංඛේතය නිර්මාණය කර ඇත්තේ විවෘතභාවය සහ පැහැදිලිභාවය යන සංකල්පයන් මූලික කර ගනිමින් බව ඒම ආයතනය පවසයි. නව සංඛෞතය සදහා තම ආයතනය සංවේදී වර්ණමාලාවක් භාවිත කර ඇති බව ඔවුන් පවයි.

මෙම පියවර මගින් ෆේස්බුක් සමාගම සතුව ඇත්තේ ෆේස්බුක් පමණක් නොවන බවත් අනෙක් සේවාවන් තමන් ට වැදගත් කාර්යයක් ඉටු කරනු ඇති බවත් ෆේස්බුක් ආයතනයෙහි මතයයි.
අපක්ෂපාතී Pew think tank මගින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සේවාවන්ද ෆේස්බුක් ආයතනය සතු බව දන්නේ පරිශීලකයන් 29%ක් පමණක් බවයි.

“තමන් භාවිතා කරන නිෂ්පාදන නිපදවන්නේ කුමන සමාගම්දැයි ජනතාව දැනගත යුතුයි” යනුවෙන් ෆේස්බුක් සඳුදා බ්ලොග් සටහනක සඳහන් කළේය.

ඉදිරි සති කිහිපය තුළ නිෂ්පාදන සහ අලෙවිකරණ කටයුතු වලදී නව ලාංඡනය භාවිතා කිරීමට සමාගම සැලසුම් කරයි.
ජුනි මාසයේදී සමාගම සිය සියලුම යෙදුම් හරහා “ෆේස්බුක් වෙතින්” යන වචන එකතු කිරීම ආරම්භ කලේය.

මේ ‌ෙකෙසේ ‌‌වෙතත් ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් අකුරු වලට ‌ෆේස්බුක් සමාගම ලද අවමානයෙන් ගැලවෙන්නට හැකිවේදැයි යන්න ගැටළුවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි