×

ඇමරිකානු ඉතිහාසයේ තාක්ෂණික ආයතනයකට එරෙහි විශාලතම දඩය ෆේස් බුක් ආයතනයට

පරිශීලකයන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට විකිණීමට එරෙහිව ඩොලර් බිලියන 5ක දඩයක්.


පසුගිය වසරේ සිය පරිශීලකයන්ගේ දත්ත වෙනත් ආයතනයකට විකුණා දැමීම සම්බන්ධව ෆේස්බුක් ආයතනය වෙත එල්ල වූ චෝදනාව පිළිබදව සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානු වෙළඳ කොමිසම (FTC Federal Trade Commission) විසින් ඇමරිකානු ඩොලර් බිලයන 5ක දඩයක් නියම කර ඇත‍.

2018 වසරේ මාර්තු මස කේම්බ්‍රිජ් ඇනලටිකා නම් නම් දේශපාලන කටයුත් සම්බන්ධ උපදේශන සමාගම විසින් ෆේස්බුක් ආයතනය මගින් මෙම පරිශීලකයන්ගේ දත්ත මිලදී ගෙන ඇති බවට වාර්ථා විය. ඒ අනුව ෆේස්බුන් පරිශීලකයන් මිලියන 50කට අධික සංඛ්‍යාවකගේ පුද්ගලික තොරතුරු අනාවරණය කර ඇත.


පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සමබන්ධව රහස්‍යභාවය සුරක්ෂිත කිරීමට ෆේස්බුක් ආයතනය අසමත් වී ඇති බවට ද චෝදනා පසුගිය කාලය පුරා එල්ල විය.
ඇමරිකානු වෙළද කොමිසම විසින් තාක්ෂණික ආයතනයක් වෙත නියම කළ විශාලතම දඩ මුදල මෙය වේ. එමෙන්ම පුද්ගල රහස්‍ය භාවය සම්බන්ධ කරුණකදී අය කළ විශාලතම දඩ මුලද මෙය වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි